Halloween party ideas 2015


ගමනක් යන අතරමගදි ෆෝන් එක නැති උනොත්? එහෙමත් නැත්නම් හොරකම් කරල කියල දැනගත්තොත් මුලින්ම අපි මොකද්ද කරන්න ඕන කියන කාරණය වගේම මේක හොයාගන්න කරන්න ඕන දේවල් ගැන තමයි ගැන තමයි අද මේ කියල දෙන්න යන්නෙ.
තාක්ෂණික පැත්තෙන් කරන්න පුලුවන් විවිධාකාර දේවල් තිබ්බත්, මෙතනදි අපි කියන්නෙ සාමාන්‍යය පුද්ගලයෙකුට ප්‍රායෝගිකව කරන්න පුලුවන් හොඳම දේවල් ටිකක් තමයි. ෆෝන් එක ලඟ පාත තියනවද කියල මුලින්ම බලන්න.


ඔයා ගමනක් යන අතරතුර බස් එකේදි හරි කෝච්චියේදි නම් මේ සිද්ධිය උනේ කලබල වෙන්න එපා. වටපිට ඉන්න අයව දැනුවත් කරල කාගෙ හරි ෆෝන් එකකින් ඔයාගෙ ෆෝන් එකට රින්ග් කරල බලන එක තමයි මුලින්ම කරන්න ඕන දේ. ෆෝන් එක උස්සල. මම මහ පාරෙ. ඊට පස්සෙ?

ඔබේ ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් නම්, කැෆේ එකකින් හරි ඉන්ටර්නෙට් යන්න පුලුවන් තැනක නම් ඉන්නෙ
ඔයාගෙ ෆෝන් එකේ account එක විදිහට දාල තිබ්බ Google account  එකට log වෙන්න Android Device Manager හරහා.




Android Device Manager එකෙන් ඔබේ අදාල Device එක තෝරන්න

හැබැයි මේ විදිහට ෆෝන් එක තියෙන තැන පෙන්නන්නෙ ෆෝන් එකේ location on කරල, internet connect වෙලා  තිබ්බොත් විතරයි. ෆෝන් හොරු දැන් ගොඩක් බුද්ධිමත්. ෆෝන් එකක් හොරකම් කරපු ගමන් මුලින්ම කරන්නෙ off  කරන එක.
ඔයාගෙ වෙලාවට location එක පෙන්නුවොත් (screenshot එකක් ගන්න අමතක කරන්න එපා) ඒ කියන්නෙ පොඩි බලාපොරොත්තුවක් තියනව. ඔයාට පුලුවන් phone එකට Ring කරන්න. එහෙම නැත්නම් password එකක් සහ මැසේජ් එකක් දාල phone එක lock කරන්න.
ෆෝන් එකේ තියන ඔයාගෙ පුද්ගලික දේවල් ගැන බයක් තියනවනම් ඒ ඔක්කොම erase කරන්න පුලුවන්කමකුත් තියනව.
හැබැයි memory card එකේ තියන දේවල්  ඉවත් වෙන්නෙ නැහැ කියල තමයි  google එකෙන් අපිට තියෙන්නෙ. මේ option එක ගැන වැඩි විශ්වාසයක් තියගන්න අමාරුයි.
ඒ වගේම ඔයාගෙ phone එකේ තිබ්බ facebook, Gmail වගේ apps වල password එක වෙනස් කරන්න අමතක කරන්න එපා. ඉන්ටර්නෙට් යන්න විදිහක් නැත්නම්/ phone එක locate කරගන්න බැරිනම්
මේක තමයි ඔයා පුලුවන් ඉක්මනටම කරන්න ඕන වැදගත්ම දේ. ඔයාගෙ සිම් එකට අදාල සමාගමේ නියෝජිත ස්ථානයකට ගිහින් වහාම පරණ සිම් එක කැන්සල් කරල අලුත් සිම් එකක් ගන්න. අපි දන්න තරමින් ගොඩක් සමාගම් දැන්  අලුත් සිම්  කාර්ඩ් එකක් දෙන්න මුදලක් අය කරන්නෙ නැහැ.
අතේ වැඩිපුර සල්ලි ටිකක් තියනවනම් ඔබ හදිසි වැඩකට යන ගමන් නම් හිටියෙ, නිතරම වැදගත් calls එන කෙනෙක්නම්, දවසම එලියෙ නම් ඉන්නෙ රුපියල් 3000ට අඩුවෙන් පොඩි ෆෝන් එකක් ගන්න පුලුවන් ඔයාට ඔයාට අලුතෙන් ගත්ත සිම් එක දා ගන්න.
03.  Phone එක හොයාගන්න නීතියෙන් උදව් ගමු.





මේක තමයි ඊළඟ පියවර. වැඩිය පරක්කු කරන්න එපා. Phone එක ඔබට වටිනවනම්, එහෙම නැත්නම් ඔබේ මතු ආරක්ෂාවට ඔබ මේ පියවර ගත යුතුයි.
මුලින්ම පොලිස් පැමිණිල්ලක් දාන්න ඕන. ගොඩක් අය මේ වැඩේට අකමැති රස්තියාදු වෙන්න වෙන හින්ද. අපි දෙන මේ  ටිප්ස් ටික කියවල වැඩ ටික හරියට කරගෙන ගියොත් තැනින් තැන වෙන රස්තියාදුව අඩු කරගන්න පුලුවන් වෙයි ඔයාට.
පැමිණිල්ල දාන්න ඕන පොලිස් ස්ථානය මොකද්ද? පොලිසියෙන් මුලින්ම අහන්නෙ ඔයාගේ phone එක නැති උනේ කොහෙදිද කියල.
උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාගෙ ෆෝන් එක බත්තරමුල්ලෙදි නැති උනේ කියල. ඔයා යන්නෙ බොරැල්ල පොලිසියට. ඔයා කියනව phone එක නැති උනේ බත්තරමුල්ලෙදි කියල.  බොරැල්ල පොලිසියෙන් ඔයාට කියනව බත්තරමුල්ල අදාල වෙන්නෙ තලංගම පොලිසියට නිසා පැමිණිල්ල දාන්න එහෙට යන්න කියල.
මේක තමයි ප්‍රායෝගික ඇත්ත. ඒක නිසා යන්න ඕන පොලිස් ස්ථානය ගැන යන්න කලින්ම  සැලකිලිමත් වෙන්න.
Tip 02: නැතුවුන ෆෝන් එකේ imei number  එක අත්‍යාවශ්‍යයි.
මේක නැතුව ගියොත්නම් ආපහු හැරිල එන්න තමයි වෙන්න.  imei number එක දන්නෙ නැත්නම් ඒක හොයා ගන්න විදිහ ගැන මේ ලිපිය අවසානයේ අපි කියල දෙන්නම්.
Tip 03:  පැමිණිල්ල ලියන එක වේගවත් කරගන්නෙ කොහොමද?
ඔයාට තියන හදිස්සිය පොලිසියෙ මහත්තුරුන්ට නැහැ. පොඩි කට්ටක් කන්න වෙනව වගේම දාන පැමිණිල්ලෙ ලියන තොරතුරු හරියට ලියවගන්න ඕන. නැතුවුන ෆෝන් එකේ imei number එකයි model   එකයි   ලියල මේ ෆොර්ම් එක fill කරල පුරවගෙනම යන්න. ඒක පැමිණිල්ල ලියන පොලිස් රාළහාමිටත් පහසුවක් වේවි.
නැතිවූ ජංගම දුරකතනය සොයා දෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරනු ලබන ඉල්ලුම් පත්‍රය
Tip 04: පොලිස් පැමිණිල්ලේ පිටපතක් ගැනීම
මේකත් ටිකක් වෙලා යන වැඩක්. ඔබ පැමිණිල්ල දාපු පොලිස් ස්ථානයේ කාර්යක්ෂමතාවය අනුව මේකට යන වෙලාව තීරණය වේවි. මේ ලිපිය ලියන මොහොත වෙද්දි (2017 පෙබරවාරි) මේ සඳහා රුපියල් 25/= ක මුදලක් අයකරනව. අමතක නොකර මාරු සල්ලි අරන් යන්න.
පොලිස් පැමිණිලි පිටපතක් නිකම් ගන්න බැහැ. ඒකට ඔයා ලියුමක් දෙන්න ඕන. ඔයාට වැඩේ ලේසි කරගන්න මේ ලියුම ගෙදරදිම හදාගෙන යන්න. නැත්නම් A4 කොළ හොයන්න කඩවල් ගානෙ යන්න වෙයි.  එහෙම නැත්නම් ඔයා ලියුම ලියනකොට වැඩ කරගන්න ආව අයගෙ පෝලිම තවත් දික්වෙලා ඔයාට පරක්කු වෙයි.
මේ පහල තියනව වගේ ලියුමක් තමයි ඕන වෙන්නෙ.




පැමිණිල්ල ලියන මහත්තයගෙන්ම අත්සනක් ඒ වෙලාවෙම ගන්න.

Tip 05: විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC
අපේ නැති උන එක phone හොයල දෙන්න උදව් කරන්නෙ TRC එක.  ඔයා ගත්ත පැමිණිලි පිටපතයි, සහතික කරපු  NIC කොපි එකයි, TRC එකට යවන request form එකයි මෙන්න මේ ලිපිනයට පියාපදිංචි තැපෑලෙන් යවන්න. ඔයත් පැමිණිලි පිටපතේ photo copy එකක් තියා ගන්න.
The Director General
Telecommunications Regulatory Commission of Sri Lanka
276 Elvitigala Mawatha
Colombo 08.
මේ විස්තර Trc එකෙන් ලංකාවෙ දුරකතන සමාගම් වලට යවනව. මෙතනදි වෙන්නෙ  හොරකම් කරපු phone එකට කවුරුහරි අලුතෙන් සිම් එකක් දාපු ගමන් ඔයා දුන්න imei number  එකත් එක්ක ඒ අලුත් නම්බර් එකට අදාල විස්තර දුරකතන සමාගමෙන් Trc  එකට ලබාදෙනව. ඊට පස්සෙ ඉදිරි වැඩකටයුතු කරන්නෙ පොලිසිය තමයි.
ගොඩක් අය කියන විදිහට මේ වැඩේට මාස කීපයක් යනව.
imei number එක මතක නැහැ. හොයාගන්නෙ කොහොමද
මේක තමයි ගොඩක් අයට එන ගැටලුව. phone එකක imei number එක හොයා ගන්න ක්‍රම කීපයක් තියනව.
i.  Phone එක ආපු  original box එකේ මේක තියනව





Phone එකේ බැටරිය තියන තැන පිටිපස්සෙ imei number එක ප්‍රින්ට් කරල තියනව











Phone එක නැතිවෙලානම් ඔය ක්‍රම එකක්වත් හරියන්නෙ නැහැනෙ. මේ තමයි අන්තිම ක්‍රම 02. සිම් එකට අයිති දුරකතන සමාගමෙන් imei number එක ලබා ගන්න
මේ ක්‍රමයත් ටිකක් කරදරයි. ඒ මොකද කියනව නම් සමහර සමාගම් මේක නිකම්ම ලබා දෙන්නෙ නැහැ. පොලිස් පැමිණිල්ලෙ පිටපතක් ඉදිරිපත් කරන්න කියනව. ඔයා පොලිසියට ගියාම imei number එක ඉල්ලනව පැමිණිල්ල ලියා ගන්න. මේක ටිකක් පරස්පර විරෝධී කතාවක්. අපේ කාලය තමයි නාස්ති වෙන්නෙ. පොලිස් පැමිණිල්ලක් නැතුව imei nuber එක ගන්නව නම් ඒ සඳහා මුදලක් අයකර ගන්නව කියල තමයි ගොඩක් අය අපිට කිව්වෙ.
Google එකෙන් හොයා ගන්න ක්‍රමය ඔයාගෙ phone එක Android නම් කාලෙ නාස්ති කර කර ඉන්න එපා. මේ වැඩේ කරන්න.. Google My Account Dashboard එකට log වෙන්න.
එතනින් හොයා ගන්න පුලුවන් ඔයා අන්තිමට log උන devices එක්කම ඒකට අදාල imei numbers හරිම පහසුවෙන්. Phone එක නැති වෙන්න කලින් මොනවද කරල තියෙන්න ඕන දේවල්?





සමහරවිට ඔයාගෙ phone එක තවම නැතිවෙලා නැතුව ඇති. බලන්න මේ දේවල් ඔයා කරලද තියෙන්නෙ කියල?
1. මතක තියන තැනක imei number එක ලියල තියාගන්න.
2. ඔබේ පුද්ගලික සහ ඉතා වැදගත් තොරතුරු කවදාවත් memory card එකේ ගබඩා කරන්න එපා.
3. ඔබව අපහසුතාවයට පත්වන, එහෙම නැත්නම් ඔබ ආදරය කරන අයට ප්‍රශ්නයක් වෙන ආකාරයේ photos, videos ඔයාගෙ phone එකේ තියා ගන්න එපා.
4. Screen Lock code එකක් එහෙම  නැත්නම් හිතා ගන්න අපහසු Screen lock pattern එකක් නිතරම පාවිච්චි කරන්න.
5. Phone එක නැති උනාම තියන තැන track කරන්න, phone එක lock කරන්න උදව් කරන app එකක් install කරල තියා ගන්න.
6. Phone එක Android නම් ඔක්කොම contacts ඔයාගෙ google account එකට save කරගන්න. එහෙම නැත්නම් contacts backup කරන app එකක් install කරගන්න.
7. ඔයාගෙ photos, contacts සහ ඕන කරන දේවල් නිතරම computer එකකට backup කරගන්න.
8. Whatsapp, Viber වගේ apps නිතරම backup කරන්න.  Check කරල බලන්න auto backups වැඩ කරනවද කියල.
අන්තිමට කියන්න තියෙන්නෙ පොදු ප්‍රවාහන සේවාවලින් ගමනක් යද්දි කල්පනාවෙන් යන්න. අපි කිව්ව මේ දේවල් කරල තිබුනොත් phone එක නැති උනත් ඔයාට වෙන්න තියන කරදර අඩු කරගන්න පුලුවන්කමක් ලැබෙයි.
ඒ වගේම ඔයාලට කියනන්න තව පණිවිඩයක් තියනව.  Second hand phones මිලදී ගන්න එක දැන් අවධානම වැඩි ක්‍රියාවක්. ඔබ මිලදී ගන්නේ හොරකම් කරපු phone එකක් නම් නොදැනීම ඔබත් වරදකරුවෙක් වෙන්න තියන ඉඩකඩ වැඩියි.
අපිට miss වෙච්ච දේවල්, ඒ වගේම මීට අමතරව කරන්න පුලුවන් දෙවල් පහලින් කමෙන්ට් කරන්න. යාලුවන්ටත් දකින්න post එක share කරන්න.

Post a Comment

Post a Comment

    Powered by Blogger.