මැදිවියට පත්වන විට බොහෝ දෙනා ඉතා පහසුවෙන් ගොදුරුවන රෝගයක් බවට ආත්‍රයිටීස් (Arthritis) රෝගය පත්ව තිබෙනවා.
සිරුරේ හන්දි ඇතුළත ඇතිවන මෙම රෝගයට බොහෝදෙනා පවසන්නේ හන්දිපත් රුදාව ලෙසය.
වෛද්‍යතුමියනි ආත්‍රයිටීස් එසේත් නැත්නම් හන්දිපත් රුදාව ඇතිවීමට බලපාන හේතු ලෙස ආයුර්වේදයේ දක්‌වා ඇත්තේ කෙසේද?
මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අප ගන්නා ............... ඉතිරිය පහතින්
Loading...
ආහාරවල රස කොටස් රක්‌තය බවට පත්වන බවයි ආයුර්වේදයේ සඳහන් කර තිබෙන්නේ. ඉතිං මේ රස කොටස් විෂ සහිත වූ විට ඉන් නිපදවෙන රක්‌තයත් විෂ සහිත බවට පත්වෙනවා. එම විෂ සහිත රක්‌තය හන්දිවල සිරවීමෙන් ලේ වාතය ඇති වෙනවා. එවිට දණහිස ඇතුළු විශාල සන්ධි ඉදිමුමට ලක්‌වෙනවා. මෙම ඉදිමුම ආත්‍රයිටීස් හෙවත් හන්දිපත් වේදනාව ලෙස හඳුන්වනවා.
වෛද්‍යතුමියනි, ඇතැම් දෙනා පවසනවා තමාගේ හන්දි ගෙවී ඇතැයි කියා එසේ වන්නේ කෙසේද?
දීර්ඝ කාලයක් තිස්‌සේ මෙලෙස රක්‌තය විෂවී ශරීරය තුළ පැවතීම නිසා හන්දිවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. එවිට හන්දි අතර තියෙන මාංශ සහ ජෙලි (කාටිලේජ) කොටස් ඉතා ඉක්‌මනින් විනාශවීමට පත් වෙනවා. එසේවූ විට හන්දි සාමාන්‍ය ලෙස නැවීමට, දිග හැරීමට නොහැකි වෙනවා. අධික වේදනාවක් හටගන්නවා.
පඩි නගින්න බැහැ. පයින් ඇවිදගෙන යන්න බැහැ. දණහිස හන්දි වලින් අධික වේදනාවක් ඇති වෙනවා. ඒ අතර දණහිස හන්දි නැවීම දිග හැරීම කරන විට ‘ටකස්’ යන ශබ්දයකුත් ඇති වෙනවා.
මෙය ඉතා ඉක්‌මනින් ඇතිවීමට ශරීරයේ බරත් බලපානවා. එනිසා අධික තරබාරුවෙන් පෙළෙන අයගේ හන්දි ගෙවීම ඉතා ඉක්‌මනින් සිදුවෙනවා.
විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙය ඉතා වැඩි වශයෙන් දක්‌නට ලැබෙනවා.
මෙවැනි හන්දි රෝග දිගු කාලයක් පැවතීමෙන් හන්දිවල විකෘතිතා ඇතිවෙනවා. හන්දි ඇදවීමට ලක් වෙනවා. දෙපාවල ඇඟිලි පැත්තකට ඇදීයාමක් දක්‌නට ලැබෙන්නේ හන්දි රෝග සඳහා නිසි ප්‍රතිකාර නොගෙන සිටීම නිසා රෝගය උත්සන්නවූ විටදීය.
හන්දිපත් වේදනාව සඳහා ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර මොනවාද?
ආයුර්වේදයේ හන්දිපත් වේදනාව සඳහා බෙහෙත් වර්ග රැසක් තිබෙනවා. තෙල් වර්ග ආලේපය පත්තු බැඳීම. බෙහෙත් වර්ග පානයට දීම ඇතුළු රෝගයෙන් රෝගයට සහ මතුව ඇති රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර තිබෙනවා. මෙවැනි රෝග වලදී වඩා වැදගත් වන්නේ හන්දිපත් වේදනාව ඉතා උත්සන්න වීමට පෙර ප්‍රතිකාර සඳහා යොමුවීමයි. එසේම ලබාදෙන බෙහෙත් වර්ග නිසිපරිදි පාවිච්චි කළ යුතුයි.
අප සකස් කරන ඖෂධ වට්‌ටෝරුවලට අනුව නිවැරදිව ප්‍රතිකාර ලබාගැනීමෙන් මතුව ඇති හන්දිපත් රෝග මාස හයක් වැනි කාලයකින් සුවපත් කළ හැකියි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0770181010 අමතා ලබාගත හැකිය.
Post a Comment