මුහුණේ මහලු බව හා රැළි වැටීම් අතුරුදන් කරන ස්වාභාවික ක්‍රීම් එකක්
වයසට යනවත් එක්ක හම රැලි වැටෙන එක ඉතින් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි.
අද ගොඩක් දෙනෙක් කඩෙන් මිල දී ගන්න ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. මේවගෙන් ඉතින් මිල අධිකම ඒවා තමයි රැලි හොඳින්ම ඉවත් කරන්නේ, හැබැයි ඒ ක්‍රීම් ගාන එක නවත්තපු ගමන් හමේ රැලි ගතිය කලින්ටත් වඩා එනවා.
මොකද එයාලට අවශ්‍ය පවතින ප්‍රතිකාරයක් දෙන්න නෙවෙයි, හැමදාම එයාලගේ නිෂ්පාදන විකුණා ගන්නයි.
මේ නිසා ගාන එක නවත්තපු ගමන් තිබ්බටත් වඩා රැලි වැටෙන විදිහටයි ඒවා හදලා තියෙන්නේ.
ඉතින් සල්ලි දීල ප්‍රශ්න හදා ගන්නේ ඇයි? මෙන්න ඔය කෝකටත් වඩා හොඳට රැලි ඉවත් වෙන ක්‍රීම් එකක් ගෙදරදීම හදා ගන්න හැටි.
මේක පාවිච්චි කරලා රැලි ගතිය අඩු කරගන්න වගේම වයසට යාමත් පාලනය කරගන්න පුළුවන්. මේක තනිකරම ස්වභාවික ද්‍රව්‍ය පාවිච්චි කරලා හදන්නේ, කඩේ ක්‍රීම් වගේ ස්වභාවික දේවල් එකක් දෙකක් දාලා පාට, සුවඳ ලස්සන වෙන්නයි කල් තියා ගන්නයි දාන කෙමිකල් මේකේ අඩංගු නෑ.
ඒ වගේම ඔබේ සම මොන වර්ගයේ වුවත් මේ ප්‍රතිකාරයෙන් හොඳ ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන්.
දවස් 7න් මේ ක්‍රීම් එක පාවිච්චි කරලා ඔබට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. කරන්න තියෙන එකම දේ අවශ්‍ය දේවල් ටික එකතු කරගෙන ක්‍රීම් එක හදා ගන්න වැඩේ විතරයි. මේක කෙලින්ම පාවිච්චි කරන්න පටන් ගන්න පුළුවන්.
අවශ්‍ය දේවල්
ආමන්ඩ් හෝ ඔලිව් තෙල් මේස හැන්දක්.
එක් බිත්තරයක කහ මදය
මී පැණි තේ හැන්දක්.
වැස්ලින් ක්‍රීම් තේ හැඳි දෙකක්.
සාදා ගන්න ආකාරය
මුලින්ම වැස්ලින් ක්‍රීම් ටික පිරිසිදු භාජනයකට දාන්න. දැන් වතුර භාජනයක් උණු වෙන්න තියන්න.
හුමාලය පිට වෙන්න ගත්තම අපි වැස්ලින් දා ගත්තු භාජනය ඒකට ඉහලින් අල්ලන්න. ටික වෙලාවකින් වැස්ලින් ක්‍රීම් ටික දිය වේවි.
දැන් ඒකට බිත්තර කහ මදය, මී පැණි හා ආමන්ඩ් හෝ ඔලිව් තෙල් දමා හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය මුලින් දියාරුවට තිබුනත් සීතල වෙනවාත් එක්කම ඝන වෙලා ක්‍රීම් එකක් බවට පත් වෙනවා, එතෙක් හොඳින් මිශ්‍ර කරන්න.
දැන් අපි අපේ ක්‍රීම් එක හදාගෙන අවසන්. හැබැයි අපි මේකට කල් තියා ගන්න කෙමිකල් දාපු නැති නිසා මේක එළියේ තියලා ගොඩක් කල් පාවිච්චි කරන්න බෑ.
මේ නිසා හදා ගත්තට පස්සේ ශීතකරණයක් ඇතුළේ තියන්න අවශ්‍යයි. ඇගේ කෙමිකල් උලා ගන්නවට වඩා ශීතකරණයේ තියන එක හොඳයිනෙ නේද?
දැන් තියෙන්නේ හැමදාම රෑට නිදා ගන්න යන්න පැය දෙකකට වගේ කලින් මේකෙන් තරමක ප්‍රමාණයක් රැලි වැටුණු තැන් වල අලේප කිරීම විතරයි.
මතක තියා ගන්න ඉතිරිය දිගටම ශීතකරණයේම තියන්න. ආලේප කරද්දී ගොඩක් තද කරන්නේ නැතිව, මෘදු සම්බාහනයක් කරන ආකාරයෙන් ආලේප කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. සතියක් ගත වෙද්දීම පුදුමාකාර විදිහට ඔබේ සම තරුණ වෙන්න පටන් ගනීවි. ඔබ ආයෙත් කවදාවත් කෘත්‍රිම නිෂ්පාදන පාවිච්චි කරන එකක් නැහැ.
ඔය එක එක ඇන්ටි ඒජින් ක්‍රීම් උලා ගෙන ඉන්නවටත් වඩා වයසට යන්න හදන යාලුවෝ, නෑදෑයෝ එහෙම ඉන්නව නම් එයාලවත් මේ ගැන දැනුවත් කරන්න මේ ලිපිය එයාලට ශෙයා කරලා.
ඊට වඩා බොහොම ප්‍රතිඵලදායක මේ ක්‍රමය එයාලටත් තරුණ පෙනුම ලබා ගන්න උදව්වක් වේවි.
Post a Comment