විවාහයෙන් ටික කලකට පසු නෝනාගේ කලින් විවාහ සහතික තුනක් සැමියාට අහුවෙලා
මේ වනවිට ඇයගේ වයස අවුරුදු විසි අටකි. රූමත්ය. නිතරම රූපලාවන්යි උපකරණ ද පාවිච්චි කළාය. බාලවයසේ සිටම නිල් චිත්රපටිවලට ද ඇබ්බැහි වූ ඇය වයස දාහතේදී කොළඹ ප්රදේශයේ තරුණයෙකු හා විවාහ වූවාය. එසේ විවාහ වූයේ 2005 වසරේය. එම විවාහයෙන් ඇය දරුවකුද ප්රසූත කළාය.
එම විවාහය පැවැතියේ වසර දෙකකටත් අඩු කාලයකි. සැමියා විදේශ රැකියාවක් සඳහා ගිය අතරේ 2007 වසරේදී ඇය ගම් පළාතේ පුද්ගලයෙකු සමග දෙවන වරටත් විවාහ වූවාය. එම විවාහයෙන් දරුවන් ප්රසූත නොකිරීමට ඇය වගබලා ගත්තාය. එහෙත් එම සැමියා ද ඇයගේ හිතට හරි ගියේ නැත. වසර තුනකින් විවාහය කෙළවර විය.
ඇය තුන්වැනි වරටත් විවාහ වූවාය. එසේ විවාහ වූයේ 2010 වසරේය. පෙර දෙවතාවක්ම ඇය විවාහ වී සිට ඇති බවක් ඔහු දැන සිට නැත. තුන්වන සැමියා සමග ද ඇය සිටියේ ඉතා කෙටි කාලයකි. වසර තුනකින් ඇයගේ තුන්වන විවාහය ද කෙළවර විය.
මේ අතර දිනක් ඇය එක්තරා අර්ධ රාජ්ය ආයතනයකට පැමිණි අවස්ථාවේ එහි සේවය කරන නිලධාරියෙකු හඳුනා ගත්තාය. ඇයගේ රූමත් සිරුරට ඔහුගේ සිතේ ද ආදරයක් ඇති විය. ඇය තමාගේ බිරිය කරගන්නට ඇත්නම් කොපමණ හොඳදැයි ඔහු සිතුවේය. එම සිතිවිල්ල පල දැරුවේය. ඇයගේ යටි සිත ද සතුටින් පිරී ගියේය.
ඒ අනුව 2014 වසරේ දිනක ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කළේය. ඒ, ඇයගේ සිව්වන විවාහය බව ඔහු දැන සිටියේ නැත. කෙසේ නමුත් සිව්වන විවාහයෙන් ඇය දරුවකු ප්රසූත කළාය. ටික කලක් යනවිට ඔවුනගේ විවාහය දෙදරා යාමට පටන් ගත්තේය. ඇය ඔහු සමග නිතර නිතර රණ්ඩු සරුවල් කර ගත්තාය. මේ අතර ඇයගේ පෙර වැරදි රැසක් ද ඔහුගේ කණට වැටෙන්නට විය.
ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය. ඔහු එසේ පැමිණියේ ඇයගේ පෙර විවාහ සහතික තුන ද සොයා ගෙනය. තමා පත් වූ තත්ත්වය ගැන ඔහු සැබැවින්ම කම්පාවට පත්ව සිටියේය. පොලිසිය පැවසුවේ විමර්ශනවලින් පසු බහු විවාහ චෝදනාව යටතේ ඇයට එරෙහිව ගාල්ල මහේස්ත්රාත් අධිකරණයේ නඩු පවරන බවය.
-උණවටුන – ඞී.ජී. සුගතපාල
Post a Comment