කැරට් කියන්නේ අපි කවුරුත් ප්‍රිය කරන ආහාරයක්. කැරට් තුල විටමින් A බහුල ලෙස අන්තර්ගත වෙනවා. ඒ නිසා කැරට් සම පැහැපත් වීමට හා නීරෝගී වීමට දායක වෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ කැරට් යුෂ පානය කිරිමෙන් ඔබට ලැබෙන වාසි කිහිපයක් පිළිබඳවයි.
01. කුරුළෑ සඳහා ප්‍රතිකාරයකි
කැරට් වල ඇති vitamin A කුරුළෑ සඳහා හොඳ ප්‍රතිකාරයකි. ශරීරයේ විෂ ඉවත් කරවයි.
02. හිසකෙස් වර්ධනය කරයි
හිසකෙස් වලට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වන Vitamin C හා E අන්තර්ගත කැරට් හිසකෙස් පැසීම වළක්වනවා සේම රැධිර සංසරණය ක්‍රමවත් වීමටද උපකාරී වේ.
03. ශරීරයේ උෂ්ණාධික ස්වභාවය අඩු කරයි
කැරට් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් ශරීරයේ ඇති උෂ්ණ ස්වභාවය නිසා හටගන්නා රෝගයන් වන දැවිල්ල, තුවාල හා කුෂ්ඨ සුව කර දේ.
04. සමේ තෙතමනය රැක දේ
සම වියළීම සිදුවන්නේ පොටෑසියම් අඩු වූ විටයි. කැරට් යුෂ මඟින් පොටෑසියම් ලැබෙන බැවින් එය සමේ තෙතමනය නැවත ලබා දේ.
05. සම රැළි වැටීම වළකාලයි
කැරට් යුෂ සමේ ඇදෙනසුළු බව රැකදෙමින් සම එල්ලා වැටීම හා රැළි වැටීම යන වයස්ගත වීමේ දී ඇති වන තත්වයන් අවම කර දේ.
06. වයස්ගත වීම ප්‍රමාද කරයි
කැරට් වල ඇති beta carotenoids මඟින් සෛල මිය යාම අවම කොට වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කර දේ.
07. හිරු කිරණින් වන පිළිස්සීම් අවම කරවයි
කැරට් වල ඇති beta carotenoids මඟින් හිරු කිරණින් වන පිළිස්සීම් සුව කර දේ.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Post a Comment