Halloween party ideas 2015


කිලිනොච්චිය,ඌට්ට්‍රපුලම් ප්‍රදේශයේදී යුධ හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඊයේ(24) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කපා දමා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ අදාළ නිළධාරීන්ගේ වම් අත් කපා දමා ඇති බවත්, තුවාලකරුවන් කිලිනොච්චිය රෝහළට ඇතුළත් කොට ඇති බවයි.

තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර යුධ හමුදා නිළධාරීන්ට ප්‍රහාරයක් එල්ල කළ පිරිස සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ‍මෙහෙයවන බවද පොලිසිය පවසනවා.

අදාළ ප්‍රහාරය ‍සංවිධානාත්මක කල්ලියක ප්‍රහාරයක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.

වවුනියාව – මාධව කුලසූරිය

Post a Comment

Powered by Blogger.