චන්න පෙරේරා සහ ගයාත්‍රී ඩයස් කියන්නේ රටම හඳුනන කලාකරුවන්.මේ දෙන්නගේ දියණිය තමයි මලීෂා පෙරේරා.සමහර කලාකරුවන්ගේ ළමයි පුංචි කාලෙම ක්ෂේත්‍රයට ඇවිත් අම්මලා තාත්තලාට වඩා ජනප්‍රිය වෙන කාලෙක මලීෂා නම් ගත කරන්නේ නිහඩ ජීවිතයක්.මලීෂාගේ අලුත්ම තොරතුරු පුවත්පතක පළවෙලා තිබුණා.මේඑම තොරතුරුයි.
ඉතින් මලීෂා කොහොමද ජීවිතේ?
ඉන්නවා ඉතින් වෙනදා විදියටම.
ඉන්නවා ඉතින් වෙනදා විදියටම.
දැන් මලීෂා ලොකු ළමයෙක්නේ?
ඔව්. මට දැන් අවුරුදු 19යි.
ඔව්. මට දැන් අවුරුදු 19යි.
එතකොට නංගිට?
එයාට අවුරුදු 11යි. නංගි මට වඩා අවුරුදු 8ක් බාලයිනේ.

මලීෂා දැන් තරුණ ගෑනු ළමයෙක්. මේ තරුණ දුවෙක්ට තමන්ගේ සිතැඟි හුවමාරු කරගන්න අම්මා ළඟින්ම ඉන්න ඕනෑ කාලයක්?
මම හුඟාක් කිට්ටු තාත්තාට. තාත්තාට වඩා අම්ම දැන් කාර්ය බහුලයි. මම මගේ දේවල් හුඟාක්
ෂෙයා කරගන්නේ තාත්තා එක්ක. මම තාත්තාට හැමදේම කියනවා.

අම්මාට කිට්ටු නෑ කියලද ඔය කියන්නේ?
නෑ….. නෑ…… අම්මටත් හංගන්නේ නෑ. වැඩිපුරම ගෙදර ඉන්නේ තාත්තානේ. තාත්තා තමයි මගේ හොඳම යාළුවා.

මලීෂාගේ තාත්තා දක්ෂ අධ්‍යක්ෂවරයෙක්, නළුවෙක්. අම්මා නිළියක් එහෙම වෙලත් මලීෂා තාමත් රංගන
ක්ෂේත්‍රයට එන්න ප්‍රමාද ඇයි?
මම කැමති නෑ රඟපාන්න.
ක්ෂේත්‍රයට එන්න ප්‍රමාද ඇයි?
මම කැමති නෑ රඟපාන්න.
පුංචිම කාලේ රඟපෑවනේ?
ඔව්. ඒ නොදන්න කාලේනේ. තාත්තාගේ ටිකිරි හපන්නු ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ රඟපෑවේ නෑ.

මොකක්ද අකමැත්තට හේතුව?
විශේෂ හේතුවක් නෑ. මම හිතනවා රඟපෑමට මම දක්ෂ නෑ කියලා. මම කැමති ගායනයට. ඒත් දැන්ම ඒ ගැනත් හිතන්නේ නෑ. අධ්‍යාපන කටයුතු ඉවර කරලා සංගීතයත් හදාරලා ඊට පස්සේ මගේම කියලා ගීතයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකත් පූර්ණ කාලීන කරන්නේ නෑ. ගායනය මගේ විනෝදාංශයක් විතරයි.

සමහර කලාකරුවන්ගේ ළමයි පුංචි කාලෙම ක්ෂේත්‍රයට ඇවිත් අම්මලා තාත්තලාට වඩා ජනප්‍රිය වෙනවා. සමහරු කලා ක්ෂේත්‍රය ගැන දක්වන්නේ උදාසීනකමක්. මට හිතෙන විදියට මලීෂා අයිති වෙන්නෙ ඔය දෙවැනි කොට්ඨාසයට?
ඔව්. අනික අම්මයි තාත්තයි මට බලපෑම් කරන්නෙත් නෑ. කලාවට සම්බන්ධ වෙන්න කියලා. ඒ නිසා මම මගේ පාඩුවේ ඉන්නවා.

ගයාත්‍රියි චන්නයි කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න නළු නිළියන් අතරින් දවසෙන් දවස වයසට යනවා වෙනුවට දවසෙන් දවස තරුණ වෙන දෙන්නෙක්. ඒ ගැන දුව විදියට මලීෂාට ආඩම්බර ඇති?
මට නම් ඒක මහා වදයක්. මට හිතෙන්නේ ඒ දෙන්නා ඉස්සරහ මම වයසයි කියලා. මොකද තාත්තත් එක්ක ගියොත් ගර්ල් ෆ්‍රෙන්ඩ්ද කියලා අහනවා. අම්මා එක්ක ගියාම නංගිද කියලා අහනවා. මම ඒකට කැමති නෑ. ඒ නිසා මම ඒ දෙන්නත් එක්ක වෙන වෙනම තනියෙන් එළියට යන්නත් කැමති නෑ.

අම්මයි දුවයි අක්කයි නංගියි වගේ ඉන්න කොච්චර ආඩම්බරද?
අම්මා ඒ ගැන ආඩම්බර වෙනවා ඇති. ඒත් මම නම් ඒකට එච්චර ආස නෑ.

අනාගතයේ කවුරු වෙන්නද කැමති?
ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඕනෑ.
ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඕනෑ.
මලීෂා මාධ්‍ය ඉස්සරහට එන්නත් අකමැතිලු නේද?
ඔව්. වැඩසටහන්, ෆොටෝ ෂූට්වලට සහභාගි වෙන්නත් මම වැඩිය ආස නෑ. ඒත් අම්මයි තාත්තයි වෙනුවෙන් සහභාගි වෙනවා. ෆොටෝ ෂූට්වලදී හරියට ඉන්නේ නෑ කියලා අම්මාගෙන් බැණුම් අහන වෙලාවලුත් තියෙනවා. ඔයාලගේ මේ ෆොටෝ ෂූට් එකේදීත් ඉතින් සුපුරුදු විදියට අම්මා මට දොස් කිව්වා. මම ගැන දන්න නිසාම අම්මයි තාත්තයි එයාලත් එක්ක මාධ්‍ය ඉස්සරහට යන්න වුණොත් කල් ඉඳන්ම ඉන්න ඕන විදිය කියලා මට උපදෙස් දෙනවා.

ජනප්‍රිය අයට ඉක්මනින් කට කතා හැදෙනවා. අම්මා, තාත්තා, ගැන විවිධ විදියෙ කට කතා හැදෙද්දී මලීෂාගේ ප්‍රතිචාරය මොකක්ද?
අම්මයි, තාත්තයි, ඒ දේවල් ගණන් ගන්නේ නෑ. ඒ දෙන්නට ඒවා ප්‍රශ්න නොවෙන කොට අපිට ඒවා කොහොමත් ප්‍රශ්නයක් නෙමෙයිනේ. කවුරු මොන දේ කිව්වත් අපි අපේ අම්මයි තාත්තයි ගැන දන්නවානේ. එයාලට අපි තරම් වටින කිසිම දේකුත් නෑ. අපිටත් එයාලා තරම් වටින කවුරුත් ඇත්තෙත් නෑ.

Post a Comment