21 හැවිරිදි තරුණයෙක් තම 16 හැවිරිදි පෙම්වතිය දුෂණය කල පුවතක් දෙහිවලින් අප අසන්නට ලැබෙනවා.ඒ දෙහිවල මුහුදු තීරයේදී.ඔහුව සොයා ගන්න පොලිස්සිය විසින් උපකල්පනය කරමින් අඳින ලද චිත්‍රයක් මාද්‍යට දී තිබෙනවා.මේ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ විශේෂ පොලිස් ඒකකය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ සැකකරු පිළිබඳවද තවමත් කිසිදු තොරතුරක් නැති බවයි වාර්තා වන්නේ.මෙම සැකකාර තරුණය පානදුර ප්‍රදේශයේ පදිංචි නුවන් තරංග බවත් 16 හැවිරිදි දියණිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.දැරිය පවසන ආකාරයට මොහු වයස අවුරුදු 21 පමණ වන උස අඩි 5 යි අගල් 6 ක් පමණ වන මුහුණු දිගැති, සුදු පැහැති අයෙකු වන අතර හඳුනා ගත හැකි විශේෂ ලක්ෂණයක් ලෙස දකුණු තොලට ඉහලින් උපන් ලපයක් තිබෙනවා.
ඒ වගේම මුඩු රුවුල, බළල් ඇස් හා ගෙලෙහි ධර්ම චක්‍රය සහිත මාලයක් පැළද සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
1.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය. 011-2779196.
2.ස්ථානාධිපති – විශේෂ විමර්ශන ඒකකය 0713549488 / 077-6134977
1.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය. 011-2779196.
2.ස්ථානාධිපති – විශේෂ විමර්ශන ඒකකය 0713549488 / 077-6134977
Post a Comment