Halloween party ideas 2015


මෙවැනි ගැහැණුන් සමාජයේ ඕනෑ තරම් දකින්නට පුළුවන්. ඇයද එවන් ගැහැණියකි. ඇය තුලින් තවමත් සුන්දර බවක් පෙනේ. ඒ දෑස්වල කඳුලු නැත. සිනහවක්ද නැත. ඇත්තේ බලාපොරොත්තු කඩවූ සේයාවක් පමණි.
අපේ අම්මටවත් තාත්තටවත් කවදාවත් ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. මම හැමදාම දැක්කේ අම්මයි තාත්තයි දෙන්නම අතට අහුවෙන රස්සාවක් කරපු එක විතරයි.
අපි හිටියේ කීර කොටු තියෙන පැත්තක.අම්මා හැමදාම කොල මිටි දහයක් පහළොවක් අරගෙන ගෙවල් ගානේ යනවා.
දවල් වෙනකොට අම්මා ගෙදර එන්නේ හැන්දෑවට උයන්න එළවළු අරගෙන. උදේම පාන් භාගයක් ගෙනැල්ලා අක්කයි මමයි සීනි ටිකක් අතර අරගෙන ඒක කනවා.
අක්කා ඒ වෙනකොට ලස්සන උස මහත කෙල්ලෙක් තාත්තා අක්කට කිව්වේ හරියට අම්මා තරුණ කාලේ වගේමයි කියලා.
අපිට ස්ථිරයට කියලා ගෙයක් තිබුණේ නැහැ. අපි හිටියේ කුලී ගෙදරක. ඒකත් ලෑලිවලින් හදපු ගෙයක්. මහ වැස්ස කාලෙටඒ ගේ මැද්දෙන් වැහි වතුර කීරකොටු පැත්තට ගලාගෙන යනවා.
තාත්තා පොඩි මහත්තයා ළග හිටියේ. පොඩි මහත්තයා කියන්නේ හොර අරක්කු මුදලාලි කෙනෙක්. එකම හොදේ තිබුණේ තාත්තා එතැන වැඩ කළාට බීගෙන ගෙදර ආවේ නැහැ. අක්කයි මායි ඉස්කෝලේ ගියා. අම්මට ඕන වුණා අපිට හොඳට ඉගෙන ගන්න උනන්දු කරන්න.
තාත්තා හැම වෙලේම කිව්වේ හැමදාම කසිප්පුකාරයාගේ දුව විදිහට ඉන්න එපා ලොකු දුවේ උඹ ගුරුවරියක් වෙයන් කියලා. ඒත් අක්කා පංතියේ ඉගෙනගන්න කාලෙම කොල්ලෙක් එක්ක යාළුවෙලා යන්න ගියා. අම්මා ඒ හිතේ අමාරුවෙන්ම ලෙඩවෙන්න ගතතා. ඉස්කෝලේ අටේ පංතියේ හිටපු මගේ ඉගෙනීම එහෙමම අතරමග නතරවුණා.
ඊට පස්සේ තමයි අපිට මහ නරක කාලයක් උදාවුණේ. තාත්තා පොඩි මහත්තයගේ ළඟ ඉන්නැද්දි එතැන ලොකු රණ්ඩුවක් වුණා. ඒ රණ්ඩුවෙන් පොඩි මහත්තයගේ ළඟ වැඩ කරපු කොල්ලෙක් මැරුණා.
ඒකට තාත්තත් සැකකාරයෙක් වුණා. තාත්තා ඒ කොල්ලට පිහියෙන් අනිනවා හුගක් අය දැකලා තියෙනවා. තාත්තත් අන්තිමට වරද පිළිගත්තා. තාත්තට මරණ දඩුවම හිමිවුණා. ඒත් හිරේ ගිහිල්ලා වැඩි දවසක් ගියේ නැහැ. තාත්තා මැරුණා.
එතැනින් පස්සේ අපිට හුඟක් දුක්විදින්න වුණා.අම්මගේ අසනීපය එන්න එන්නම වැඩිවුණා. ජීවත්වෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මමත් අම්මා කරපු විදිහට කීර මිටි දහයක් දොළහක් අරගෙන ගෙවල් ගානේ ගියා.
එතකොට මට අවුරුදු 16 ක් විතර ඇති. ඒ වෙනකොට අක්කා වගේම මමත් හරි හැඩකාරයි. අක්කා දුරක හිටියට අපිට වෙච්ච හැමදේම එයත් දැනගත්තා
අම්මා හුගක් අසනීප වුණාම අක්කා එයාගේ දරු පැටියත් අගෙන ගෙදර ආවා. අක්කා ගෙදර ඇවිත් ටික දවසකට පස්සේ අම්මා මැරුණා. මාව තනියම මෙහේ දාලා අක්කා ආයෙමත් එයාගේ ගෙදර යන්න කැමතිවුණේ නැහැ.
අම්මගේ හත්දවසේ පිංකම ඉවරවුණු ගමන් මං අක්කත් එක්ක එයාගේ ගෙදර ගියා. දරුවන් හුරතල් වයසේ. මං අක්කට උදව් කරගෙන එහෙට වෙලා හිටියා.
ඒ වුණාට මට ඒ ගෙදර වැඩිකල් සැනසිල්ලේ ඉන්න ලැබුණේ නැහැ. අක්කගේ මහත්තයා මට කරදර කරන්න පටන්ගත්තා. මං කිව්වා අක්කට කියනවා කියලා. ඒ වෙලාවට ඒකා මාව මරනවා කියලා තර්ජනය කළා. ඊට පස්සේ හැමදෙයක්ම වුණේ ඒ මිනිහට ඕන විදිහට.
මාස හතරක් පහක් යද්දි අක්කට මගේ වෙනස තේරුණා. අක්කා දවසක් රණ්ඩු කරලා මාව ගෙදරින් එළියට දැම්මා. මට යන්න එන්න තැනක් තිබුණේ නැහැ. මම මහ රෑම අම්මයි මමයි හිටපු ගෙදරට ආයෙත් ආවා.
මට පුදුම සැනසීමක් දැනුනේ.ඒත් දරුවෙක් ලැබෙන්න ඉන්න මම ජීවත්වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් වුණා. අහල පහළ මිනිස්සු මගේ දිහා බැලුවේ මං නරක ගෑණියෙක් කියන්නා වගේ. මම දවස් දෙක තුනකට පස්සේ පොඩි මහත්තයා හමුවෙන්න ගියා.
මම වෙච්ච හැමදේම කිව්වා.උඹ පලයං ගෙදර. පොඩි මහත්තයා ඊට පහුවදා ඉදලාගෙදර ආවා. උඹ දන්වනේ මට දරුවෝ නැහැ කියලා. ඔය දරු පැටියව මට දීපං. මං උඹව මැරෙනතුරු බලාගන්නම් පොඩි. මහත්තයයි එයාගේ පවුලේ අයයි ඇවිත් මාව ඒ ගෙදරට එක්කගෙන ගියා.
දරුවා ලැබුණාම මට දෙන්න ලෝභ හිතුණා. ඒත් දරුවගේ අනාගතය ගැන හිතකලා මම දරුවව දුන්නා. දරුවට මාස හයක් විතර වෙනතුරු මං ඒ ගෙදරට වෙලා හිටියා.
පොඩි මහත්තයා හැදුවේ මාව රට යවන්න. මං ඒකට කැමතිවුණේ නැහැ. මං ගෙදරින් පැනලා ගියා. කොහෙද යන්නේ කියලා මතකයට ආවේ නැහැ. එදා රෑ හිටියේ කොටුව ස්ටේෂමේ. මගේ ජීවිතය වෙනස් වුණේ එතැනින් පස්සෙයි.
හිතාමතා කළ දෙයක් නොවුණත් මං මිනිස්සුන්ගේ අතින් අතට විකිණුනා. මට ගෙදරක කාමරයක් ලැබුණා. හොදට කන්න බොන්න ලැබුණා. ඇත්තටම කිව්වොත් මම සුපිරි ගණිකාවක් වුණා.
මගේ දිගට තිබුණු කොණ්ඩෙ කොටට කැපුවා. මගේ අම්මා හිටියා නම් මට මේ වෙච්ච දේ දැකලා පපුව පැලිලා මැරෙනවා. ඒත් මම අගාධයට වැටෙන එක කාටවත් නතර කරන්න බැරිවුණා.
ඇත්තම කිව්වොත් මාව දෙතුන් වතාවක් පොලිසියට අහුවුණා. මං කුඩු බොන්න පටන් ගත්තා. රෑට ක්ලබ් ගානේ ගියා. මං මහ සංකර ජීවිතයක් ගතකෙළ්. දැන් මට අවුරුදු 48 කියන්න පුළුවන්ද වයස. එක මහත්තයෙක් මාව කුඩු බොන එකෙන් ගලවගත්තා.
ඒත් ඒ මහත්තයට බැරිවුණා මේ ජීවිතෙන් මාව ගලවගන්න. මිනිස්සුන්ගේ අතින් අතට යන එක නතර කරන්න කාටවත් බැරිවුණා. මාව පොලිසියට අහුවුණා. මැඩම් හැමදාම අපිව බේරගත්තා. මේ පාරත් ඇප දන්නා.
මං සතියක් හිරේ හිටියා. හිරගෙදර කියන්නේ මට අලුත් තැනක් නෙවෙයි. හැමදාම මම මෙතැනින් එළියට බැස්සේ ආයෙත් එන්නේ නැහැ කියලා හිතලා. ඒත් ඒක වැරදියි. ඒත් ඒ හැම වතාවෙම මම හිරේ ආවා. ඕක තමයි මගේ ජීවිතේ. මට මගේ දරුවා ගැන මගේ හිතේ ආදරයක් නැහැ.

Post a Comment

Powered by Blogger.