Halloween party ideas 2015


තම ස්වාමිපුරුෂයාගේ රහසඟ ප්‍රදේශය කපා වැසිකිලි පොච්චියකට දැමූ කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාවේ යෝෂු නගරයේ නිවසක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තම 54 හැවිරිදි ස්වාමිපුරුෂයා නිදා සිටින අවස්ථාවේදී බිරිඳ විසින් කතුරකින් ඔහුගේ රහසඟ ප්‍රදේශය කපා තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් දැනගත් අසල්වාසියෙක් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර පසුව සැකකාර 50 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත් සැකකාර බිරිඳ පොලිසියට පවසා ඇත්තේ ස්වාමිපුරුෂයා තමන්ට නිරන්තරයෙන් හිරිහැර සිදුකරන බැවින් එය ඉවසා ගත නොහැකිව මෙලෙස ඔහුගේ රහසඟ ප්‍රදේශය කතුරකින් කපා දැමු බවටයි. තම සැමියා තමන්ට අවශ්‍ය මුදල් ලබා නොදෙන බවත් ඔහු ගොල්ෆ් ක්‍රීඩාවේ නියැලෙන බවත් ඒ සම්බන්ධයෙන් තමන් දැඩි කෝපයකින් පසුවූ බවයි කිම් නැමැති මෙම කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ සිදුවීම සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.

Post a Comment

Post a Comment

    Powered by Blogger.