අනුරාධපුරයේදී ස්විස්ටර්ලන්ත සුද්දියෙකුට ලිංගික අතවර කළ ත්රිවිල්කාරයාට නෝ චාන්ස්
22 හැවිරිදි ස්විට්සර්ලන්ත විශ්වවිද්‍යාල සිසුවියක් අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරා ඇප මත මුදා හරින්නැයි නීතිඥයන් කළ ඉල්ලීමක් තරයේ ප්‍රතික්ෂේප කරන්නට අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් සැකකරු තවදුරටත් අද (23දා) දින තෙක් රිමාන්ඩ් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා ඊයේ (22දා) නියෝග කර තිබුණේ.
සැකකරු අනුරාධපුර විජයපුර විජය මාවතේ පදිංචි අනුරාධපුර නව බස් නැවතුම්පොලෙහි ත්‍රිරෝද රථ රියැදුරෙක්.
මෙසේ දූෂණයට ලක්වී ඇති ස්විට්සර්ලන්ත තරුණිය මිතුරියන් කණ්ඩායමක් සමඟ මෙරට සංචාරයකට පැමිණ ඇති අතර තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ අතරමංව සිට තිබුණා.
ඒ අවස්ථාවෙන් ප්‍ර යෝජන ගත් ත්‍රිරෝද රථ රියැදුරු විසින් පසුගිය ජූලි මස 26 වැනිදා අලුයම බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිරකර තබාගෙන දූෂණය කර ඇති බවටයි පොලිසිය පවසන්නේ.
තමා පැහැර ගෙන ගිය පුද්ගලයා කවුරුන්ද යන්න ස්ථිරවම ප්‍රකාශ කිරීමට එම ස්විස්ටර්ලන්ත තරුණියට නොහැකිවීම නිසා අනුරාධපුර නගරයේ වටරවුම්වල සවි කර ඇති සීසීටීවී කැමරා සියල්ල නිරීක්ෂණයට ලක් කර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි විදේශීය තරුණිය පැහැරගෙන ගිය ත්‍රිරෝද රථය සහ එහි රියැදුරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇත්තේ.
Post a Comment