Halloween party ideas 2015


ජිවීත කාළය පුරාම තමන් ඇති දැඩි කොට රැක බලා ගත් දෙමවුපියන් පසුව මහ මගට ඇද දමනා දරුවන් පිළිබද පුවත් වත්මන් සමාජයේ සුලභව වාර්තා වෙනවා. මෙවැනි පුවත් අතර සිය දෙමව්පියන් මහමගට ඇද දමනා කළගුණ නොදත් දරුවන්ටත් වඩා නරුම ක්‍රියාවක් සිදු කළ තිරිසන් පුතෙකු පිළිබදව අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මවක් අනුරාධපුර පොලීසියට සිදු කළ පැමිණිල්ලක දැක්වුනේ 22 හැවිරිදි පුතා විසින් තමන් දූෂණයට ලක් කළ බවයි.

ඉන් පසුව මව විසින් කළ එම පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටි මේ තරුණයා එලෙස මත්වී සිටි අවස්තාවක සිය 52 හැවිරිදි මව බරපතල ලෙස දූෂණය කර ඇති බව පොලිස් විමර්ෂණ වලින් හෙළි වූවා.

මෙලෙස සිය මව දූෂණය කළ නිසා අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ගල්කඩවල පදිංචි සචිත් ලක්ෂාන් ජයම්පති නමැති විවාහක තරුණයෙක් වන අතර ඔහුගේ බිරිඳ මිට දෙමසකට පමණ පෙර ඔහුව හැරගොස් තිබෙන බවද සදහන්.

පසුව මෙම තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ මස 28 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග ක‍ර තිබෙනවා.

Post a Comment

Post a Comment

    Powered by Blogger.