Halloween party ideas 2015


ගල්ගමුව, ගිරිබාව ප්‍රදේශයේදී පසුගියදා පාසල් සිසුවියක් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ මව, සිය පුතු විසින් සිදු කළ පාපතර ක්‍රියාව හෙළා දකින බවත් එල්ලා මරා දැමිය යුතු බවත් පවසමින් ඝාතනයට ලක්වූ දැරියගේ මව සහ පියා වෙත ලිපියක් යොමු කර ඇත.

“සාහසික අපරාධකරුවෙකුගේ මවක් වීමට තරම් අවාසනාවන්ත වූ මාගේ හද තුළ කකියන වේදනාවට මඳකට සවන් යොමු කිරීමට ඔබ සැමට කරනා ඉතාමත් බැගෑපත් ඉල්ලීමයි.” යනුවෙන් සඳහන් කරමින් රාජාංගනයේ පදිංචි ආර්.කේ.කුසුමාවතී නැමැති අදාළ කාන්තාව මෙම ලිපිය පසුගිය සෙනසුරාදා යොමුකර තිබේ. අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් දැරිය පිළිබඳව තමන් හඬා වැටෙනා බවද “නීච, පාපතර, අපරාධකාර පුතකු” බිහි කිරීමේ සාපය තමාටද පලදී ඇති බවද ඇය එහි සඳහන් කරයි.

මේ මොහොතේ දියණියගේ මරණය හේතුවෙන් දුකට පත් මවුපියන් සමඟ එම දුක බෙදා ගැනීම සඳහා පැමිණීමේ දැඩි අවශ්‍යතාවයක් ඇතත් ඊට අවකාශ නොමැති වීම පිළිබඳව තමා බලවත් ලෙස ශෝක වන බවද ඇය පවසයි. අවසාන වශයෙන් මෙම “සාහසික මිනීමරුවා එල්ලා මැරීමට මාගේ කිසිම අකමැත්තක් නැතැයිද” ඇය සිය ලිපියේ සටහන් කර තිබේ.
එම ලිපිය පහතින්



Post a Comment

Post a Comment

    Powered by Blogger.