ජීවිතේ පළවෙනි වතාවට ලිංගික අත්දැකීමක් ලබන කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම උපදෙස් 8 මෙන්න
ලිංගිකත්වය ගැන වගේම සංසර්ගය ගැනත්, උපත් පාලනය, ආරක්ෂිත ලිංගික එකතුවීමක් ගැන නොදන්නා ගොඩක් දෙනෙක් ඉන්නවා. ලංකාවෙ තරුණ පිරිසට හරිහැටි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ.
ලිංගිකත්වය කියන එක තවමත් හංග හංගා කතා කරන ලංකාවේ ඒක එක අතකට පුදුමයකුත් නෙවෙයි. කොහොම වුනත් හැමෝම ජීවිතේ පළවෙනි වරට ලිංගික අත්දැකීමක් ලබන වෙලාවෙ ගොඩක් වැරදි වෙනවා. සමහර වැරදි කිසිම දාක නිවැරදි කර ගන්න බැරි තරම් ලොකු වැරදි. හරිහැටි ලිංගික අධ්‍යාපනයක් ලැබිල තිබුණ නම් කිසිම කෙනෙක් ලිංගික එකතුවීමක දි අමාරුවේ වැටෙන්නෙ නැහැ.
ලිංගික අධ්‍යාපනය කෙසේ වෙතත් ජීවිතේ පළවෙනි වතාවට ලිංගික අත්දැකීමක් ලබන නංගිල මල්ලිලාට මෙන්න මේ උපදෙස් 8 දෙන්න අපි තීරණය කළා.
1.. පළමුවෙන්ම ආරක්ෂාව. ආරක්ෂා සහිත ලිංගික එක්වීමකට හැම විටම වග බලාගන්න ඕනෙ. මේකෙදි පළවෙනි දේ තමයි ඔබට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝගයක් නොවැළඳීමට වග බලාගන්න එක. ඔබගේ සහකරු හෝ සහකාරියත් ඔබ වගේම ජීවිතේ පළමු වතාවට ලිංගිකව එකතු වෙන කෙනෙක් නම් මෙතනදි ඒක බලන්න ඕනෙ නැහැ. අනිත් කාරණය තමයි ඔයාල දෙන්නා විවාහ නොවුණු ජෝඩුවක් නම් පිළිසිඳ ගැනීමක් වළක්වා ගන්න එක.
2. දෙවෙනි කාරණය තමයි මේ ලිංගික එකතු වීම අනෙක් කෙනා මත කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකිරීම. ඒ කියන්නෙ මේක ප්‍රථම ලිංගික අත්දැකීම මිසක් අවසාන එක නෙවෙයි කියල තේරුම් ගන්න එක. ඔක්කොම දේවල් පළවෙනි පාර කරන්න යන්න එපා.
3. පළමු ලිංගික අත්දැකීම අමාරුයි. රිදෙනවා. අපහසුයි. කවුරුත් ඒක ඉවසන්නෙ අමාරුවෙන්. ඒක නිසා හොඳ හුස්මක් අරන් කලබලයක් නැතිව ඒක කරන්න. එතකොට අපහසුවක් දැනෙන එකක් නැහැ.
4. හතරවෙනි කාරණය තමයි පූර්ව ලිංගික උත්තේජන ක්‍රියාවලිය එහෙම නැත්නම් ෆෝ ප්ලේ එක. පූර්ව ලිංගික උත්තේජනය ලිංගික එකතුවිම පහසු කරනවා. සිපගැනීම්, ස්පර්ෂය, මුඛ ලිංගික සංසර්ගය වගේ දේවල් වෙලා අරගෙන කරන්න. විශේෂයෙන් ඔබේ සහකාරියගේ පළමු ලිංගික අත්දැකීම එය නම් එක් වීමට පෙර ඇය ඒ සඳහා සූදානම් කිරීම අතිශය වැදගත් වෙනවා. වැඩි අපහසුවකින් තොර ලිංගික සංසර්ගයක් සඳහා මෙය උදව්වක් වෙනවා.
5. පස්වෙනි කාරණය තමයි ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙර එය හොදින් ප්‍රාණවත් වී ඇති බව තේරුම් ගැනීම. එසේ හොඳින් ප්‍රාණවත් වී නැතිනම් එය යෝනි මාර්ගයට ඇතුළු කරන්න යන්න එපා. ඒ වගේම තමයි යෝනි මාර්ගය හොඳින් තෙත් වී නැත්නම් ඒ කියන්නෙ ඇයට හොඳ උත්තේජනයක් ලැබී නැහැ. මේ වගේ වෙලාවකදි ශිෂ්ණය යෝනි මාර්ගය තුළට ඇතුළු කරන්න යන්න එපා. දෙදෙනාම හොඳින් උත්තේජනය වී නැතිනම් ලිංගික කාර්යය දෙදෙනාටම වේදනාකාරී එකක් වේවි.
6. හය වෙනි කාරණය තමයි කතා කරන එක. ඔබට දැනෙන්නෙ කොහොමද කියල අහන්න. රිදෙනවද, අපහසුද, මෙහෙම ඉන්න අමාරුද කියල අහන්න. අවශ්‍ය ආකාරයට, පහසු ආකාරයට සැකසෙන්න.
7. හත්වෙනි කාරණය තමයි මේක අලුත් අත්දැකීමක් කියල දැනගෙන වැඩ කරන එක. හිතන්න ඔබ වගේම අනිත් කෙනාත් ආධුනිකයි කියල. එහෙම හිතල වැඩ කරන්න. සෙක්ස් වීඩියෝවල තියෙන සෙල්ලම් දාන්න යන්න එපා.
8. අවසාන කාරණය තමයි කාන්තාවගෙන් සුරතාන්තයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ගොඩක් වෙලාවට වෙන්නෙ නැහැ. එහෙම කරන්න හිතල අනවශ්‍ය විදියට ඇයව ඒකට යොමු කරන්න එපා. ඇය ඒ අවස්ථාවෙදි සුරතාන්තය අත් විඳල නැහැ. ලිංගික අත්දැකීමක්වත් අත් විඳල නැති නිසා ඒකෙන් ඇය සෑහීමකට පත් වේවි. ඔබත් ජීවිතේ පළවෙනි වතාවට ලිංගික අත්දැකීමක් ලබන්න සූදානම් වෙලා ඉන්න කෙනෙක් නම් මෙම කරුණු ටික ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් වටිනවා.
Post a Comment