Halloween party ideas 2015


19 වැනි සියවස මුළුල්ලේ එමෙන්ම 20 සියවසේදී දෙවැනි ලෝක මහා සංග්‍රාමය දක්වාත් ලොව බලවත්ම රාජ්‍යය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් විරුදාවලි ලත් මීට ලොව බොහෝ රටවල් හා ශිෂ්ටාචාර අයත් විය. එමගින් ලැබූ දැනුම හා අත්දැකීම් මත 20 සියවස මුල් අර්ධය තුළදී ඔවුහු ලෝකයට ඉතිහාසය ලියා දායාද කළහ. ලංකාවේ ඉතිහාසයද එච්.ඩබ්ලිව්. කොඩ්රි​ෙටන් නමැති සිවිල් ​ෙස්වකයා විසින් මහාවංශය ඇසුරින් ලියා සම්පාදනය කළේ 1912දීය.
වත්මන් ලෝක බලවතා වන එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයන්ගේ එම ඉතිහාසය ලිවීම වෙනස්කර නැතද එහි බොහෝ අඩුපාඩු හා වරද තැන් සොයා නිවැරදි කර ඇත. නිදසුන් කීපයක් මෙසේය. වසර 6000කට වඩා අතීතයට නොගිය බ්‍රිතාන්‍යයන් ලියූ ලෝක ඉතිහාසය දැන් වසර 12,500 – 13,000 දක්වා අතීතයට ගොස් තිබේ. ඉන්දියාවේ බටහිර වෙරළේ අඩි 4000ක් යට මුහුදු පතුලේ හමුවූ වසර 10,000ක් පැරණි බව කාබන් පරීක්ෂණ මගින් තහවුරු කළ නගරයක නටබුන් 2002 දී හමුවිය. වඳුරාගෙන් පරිණාමය වූ මිනිසා ගැන ඩාවින් මතය හා ඒ අනුව ගිය මානව විද්‍යාඥයන්ගේ දඩයම් යුගය එඬේර යුගය, කෘෂි යුගය හා කර්මාන්ත යුග ද දක්වන ඉතිහාසය අද නිෂේධයවී ඇත.
යුරෝපීන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස සැලකූ ක්‍රි.පූ. 4 සියවසේ ප්ලේටෝ විසින් රචිත “අත්ලන්තිස් පුරවරය” යනු රාමායණයේ සඳහන් වන හනුමා දුටුවේ යැයි කියන “ලංකාපුරය” බව 1999 දී පිළිගැනිණි. මේ එකම පුරවරයක් පිළිබඳ ඇති වාර්තා 2කි. 1905 දී රයිට් සහෝදරවරුන් විසින් ලොව පළමු වරට ගුවන් යානය නිපදවන ලද බවට ඇති ඓතිහාසික ඉගැන්වීම 1986 දි බිඳවැටිණි. ඒ පිරමිඩ් දේවාලයක තිබී හමුවූ ගුවන් යානා 4ක මැටියෙන් කළ ඇඹීම අවුරුදු 4500ක් පැරණි බවට කාබන් පරික්ෂණ මගින් තහවුරු කළ විටදීය. මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායද 1996 දී ප්‍රතික​්ෂේප විය.
සිය පළිඟු බෝලයෙන් අංජනම් බැලූ එක්සත් ජනපදයේ බ්ලැවට්ස්කි මැතිනිය 1881 දී කර්නට් ඕල්කට් මහතා සමග ලංකාවට ආවේ ලෝකයට ශිෂ්ටාචාරයන් විහිදී ගිය දකුණු ආසියානු දුපත ගැන සෙවිමටය. නමුත් ඇයට ඒ සඳහා සාක්ෂි සොයා ගැනීමට නොලැබිණ. රාජකීය ආසියාතික සංගමය (බ්‍රිතාන්‍ය) මගින් තම ආසියාතික යටත් විජිතවල ඉතිහාසය සීමා දක්වා තිබුණි. ඒ අනුව ඉන්දියාවේ ඉතිහාසය ඇරඹෙන්නේ සෘග් වෛදිත යුගයෙනි. ලංකාවේ ඉතිහාස ඇරඹෙන්නේ බුදුන් පිරිනිවන් පෑ දින ලංකාවට ආ විජය හා 700 පිරිස ගෙනි. ඉන් එහාට යමක් කතාකළ ​නොහැක. ඒ තහනම්ය. සියලු හැදෑරීම් මේ තුළ සිදුකළ යුතුය. එබැවින් පාසල්වල විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍යයේ ඉතිහාසය ඉන් පිටතට නොයන තරමට හීලෑය. නමුත් මුනිදාස කුමාරණතුංග හා හෙළ හවුල (1941) භාෂාව ඇසුරින් හෙළ යුගයක් කරාගිය විට කට ඇදයින් ලෙස හඳුන්වා පහර ගසා නිශ්ශබ්ද කෙරිණි. හෙළ ජාතියක් නැතිව හෙළ බසක් පමණක් පවතින්නේ කෙසේදැයි කිසිවෙක් ප්‍රශ්න නොකළහ.
1944 අගෝස්තු 06දා ජපානයේ හිරෝෂිමා නගරයට පළමු වැනි පරමාණු බෝම්බය එල්ල කරන ලදී. එහිදී දුම්රොටුව නැගුණ ආකාරය පුපුරා ගිය මහා ශබ්දය ජලාශවල ජලය රත්වී උතුරන්ට වූ හැටි මිනිසුන් හා සතුන් අහසට විසිවීම, කුරුල්ලන්ගේ තටුහැළී සුදුවීම තැන තැන මිනිසුන් මියයාම එලෙසින්ම විස්තර කරන යුද විස්තරයක් මහ භාරතය නමැති මහා කාව්‍යයේ විය. මේ අනුව ඉතිහාසයේ කිසියම් යුගයකදී පරමාණු යුද්ධයක් සිදුවී ඇති බව පැහැදිලිය. බ්‍රිතාන්‍ය හා අමෙරිකන් භාෂා ශාස්ත්‍ර දත් උගත්තු සංස්කෘත මහා භාරතය හා රාමායණය පරෙස්සමින් කියවා බැලුවද වෙනත් එබඳු යුද විස්තරයක් නොමැතිවිය. උගත්තු නිශ්ශබ්ද වූහ.
ඇමෙරිකා එක්සත් ජනපදය 1950 දශකයේදී ලෝක බලවතාගේ තත්ත්වයට ආපසු ලෝක ඉතිහාසය හා මානව විද්‍යා ගවේෂණයට එක්සත් ජනපද උගත් තරුණ පිරිස පෙළඹුණහ. ඉන්දියාවේ තිබූ සංස්කෘත ග්‍රන්ථ අතර ‘පුරාණ’ නමැති (ප්‍රධාන) ග්‍රන්ථ 18ක් විය. පුරාණ යනු ඉතිහාසය යන අර්ථයයි.
කාගේ හෝ ඉතිහාසය තොරතුරු ඇතැයි යන අනුමානයෙන් අලුත් පරපුර මෙම ‘පුරාණයන්’ හැදෑරූහ. එවිට අසුර නමැති මිනිසුන් කොටසකගේ ඓතිහාසික තොරතුරු එළිදරව් වන්නට විය.
ඔවුන්ගේ තොරතුරු නිවර්තනික ලෝකයට දිගට බටහිර සිට නැගෙන හිරටම විහිදී තිබුණි. මෙම විශාලකම නිසා ඇමෙරිකන්කාරයාට පුරුදු ලෙස අසුර අධිරාජ්‍ය (Asura Empire) යයි ඊට නම්කළහ. කුමාරතුංගයන් කී පරිදි හෙළ බස සහිත හෙළයන් මින් අදහස් කළ නිසා අපි දැන් ඊට හෙළ අසුර අධිරාජ්‍ය යයි කියමු. මෙය හුදෙක් සංස්කෘතික අධිරාජ්‍යයකි. දේශපාලනික ස්වරූපයක් එහි නැත. සමාන ජීවන රටා එහි ඇත. මීට පෙර ලිපියකදී දක්වන ලද සිංහ මිනිසුන් කී පරිදි තම ශිෂ්ටාචාරය ගොඩනැගූ බැබිලෝනියාව නිදසුනකි. බැබිලෝනියාව සිංහ මිනිසුන්ට (හෙළයන්) යටත් නැත. නමුත් ජීවන රටාව සමානය. කඩුව අතින්ගත් සිංහයාගේ ලාංඡනයේ සමානත්වයෙන් ලංකාව හා බැබිලෝනියාව හිරුගෙන් හැසිරවෙන සමකාලීන වූ හා සම්බන්ධතා තිබූ ශිෂ්ටාචාර දෙකක් බව 1961 දී මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද කී විට කවුරුත් සිනාසුණහ. 1998දී ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන් කී පසු ලංකාවේ පඩි කන මහාචාර්යවරු එය පිළිගත්හ.
ඉතිහාස මහාචාර්ය ආර්නල්ඩ් ටොයිම්බි (බ්‍රිතාන්‍ය) 1945දී අලුත් න්‍යායක් ඉදිරිපත් කළේ ඉතිහාසය නැවත නැවතත් එලෙසම (History Repeats) යනුවෙනි. පොළොව යට ඇති ඛණිජ ලෝහ ආදී සම්පත් හාරා කර්මාන්තවලට ගත්විට යම් දිනෙක ඒවා අවසන් වීමෙන් යුරෝපයට නැවතත් එඬේර යුගයට අපසු යාමට සිදුවන බව ඔහුගේ න්‍යායෙන් කියැවේ. පරමාණු බලය කර්මාන්තයට යෙදවිය නොහැකි බව ද ඔහු කීවේය. දඬුමොනරයේ තිබූ රසදියෙන් ක්‍රියාත්මක මර්කරි වෝටෙක්ස් ඇන්ජිම මගින් ඉතිහාසය නැවත එලෙසම ක්‍රියාත්මක වන බව ඔප්පු කර ඇත.
ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් මවිතයට පත්කළ සිදුවීමක් 1986 දී අසන්නට හා දකින්නට ලැබුණි. එනම් පිරමීඩ් දේවාලයක බිත්තියේ මැටියෙන් අඹා තිබුණු ගුවන්යානා 4ක ආකෘතීන්ය. පුදුමය නම් කාබන් පරීක්ෂණවලදී එම ඇඹීම් අවුරුදු 4500ක් පැරණි බව තහවුරු කිරීමය. රාමායණයේ සඳහන් වන රාවණාගේ පුෂ්පක යානය ඓතිහාසික විය හැකි බව ලෝකය සිතන්නට වුණේ ඉන් පසුවය.
මේ අතර මිනිස් සිතුවිලි වලින් පරමාණු ක්‍රියා හැසිරවිය හැක යන්න ක්වොන්ටම් න්‍යාය 1980දී ඇමෙරිකන්කාරයාට ඔප්පු විය. ඒ අයතුල්ලා කුමෙයිනි තම අධිමානසික ශක්තියෙන් ඇමෙරිකන් මිසයිල්වල දිශාව වෙනස්කර ටෙහෙරාන් ඉලක්කවලට ඒවා නොවැදී හැරීගොස් වැලි කඳුවල වැදීම නිසාය. 1923 දී බැංගලෝරයෙන් ලැබුණු විමාන ශාස්ත්‍ර නමැති සංස්කෘත ග්‍රන්ථයේ මෙන්ම ටිබෙට් රටින් ලැබී චීනය විසින් 1967 දී චන්දිගාර් විශ්වවිද්‍යාලයෙන් ඉංගිරිසි බසට පරිවර්තනය කර ගැනුණු වෛමානික සූත්‍ර නමැති ග්‍රන්ථයෙන්ද රසදියෙන් ක්‍රියාත්මක වන අහස් යානා ගැන කියැවිණි. ඒ දෙවර්ගයම පිටසක්වල ග්‍රහලෝකවලට යන සැටිද විස්තර විය. මේ සියල්ල එකතුවී TR3-B නමැති අධිබල තුන්හුලස් ජෙට් යානය 1998 දී නිපදවිණ. 2005 දී ක්වොන්ටම් ටෙලිපොරේෂන් ඩිස්ක් නමැති තැටිය (පීරිසිය) නිපදවුණි.
මෙසේ හෙළයේ රාවණාගේ පුෂ්පක යානය නමැති ලේඛනගත ලොව එකම ගුවන් යානය 20 සියවස අගදී යථාර්ථයක් බවට පත්වුණි. බ්‍රිතාන්‍යයෙන් ලියාදුන් (1912) ලංකා ඉතිහාසයට අනුව ලංකාව මිනිසුන්ගෙන් ජනාවාස වී (ක්‍රි.පූර්ව 543) තවමත් වසර 2560ක් පමණක් ගතවී ඇත. ආර්ථික හා දේශපාලනික කුමන හානි කළද ඇමෙරිකන්කාරයා නොව ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයින් තම ගවේෂණ තුළින් මිනිස් ඉතිහාසය මතු කරන්නට යාමේදී හෙළ ඉතිහාසය මතුවී තිබේ.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය මැක්ස් මුලර්ගේ ආර්ය න්‍යාය 1896 වනවිට ඉතා ජනප්‍රිය විය. මෙහි රහසක් ඇත. රුසියන් ජාතික පුවත්පත් කලාවේදියකු වූ නිකොලායි නෙවොට්චි කාශ්මීර ලඩාන් හා වෙනත් ටිබෙට් ආරාමවලට නැවතී කුරුසියේ ඇණ ගැසූ ක්‍රිස්තුන් වහන්සේ මිය නොගිය බව හා ඔහුගේ ශිෂ්‍යයන් කාශ්මීර ලඩාන් ආරාමවලට ගෙනගොස් තුවාල සුවකර දීර්ඝ කාලයක් එහි ජීවත් වී සිටි බවට කරුණු සොයාගති. ක්‍රිස්තුන්ගේ රහසිගත ජිවිතය (secret life of jesus) නමැති පොත සම්ප

Post a Comment

Powered by Blogger.