ක්‍රීකට් ප්‍රේක්ෂකයින්ට මල පැනලා බෝතල් වලින් පහරදීලා, ලොවක් ඉදිරියේ අපේ රට දණ ගැස්වූ හැටි..!
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවරදී පැවති තුන්වන එක්දින තරගයේ ඉන්දීය කණ්ඩායම ජයග‍්‍රහණයට ඉතා ආසන්නයෙන් සිටියදී ශ‍්‍රී ලංකා ප්‍රෙක්‍ෂකයින් පිටියට පහර දෙන්නට වීම නිසා තරගය නවතා දමන ලදී.තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය පන්දු ඔ්වර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලබා ගත් ලකුණු 217ට පිලිතුරු ලෙස ඉන්දීය පිල පන්දු වාර 43.6කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 210ක් ලබා තිබියදී පේ‍්‍රක්‍ෂකයින් හිස් ජල බෝතල් ආදියෙන් පිටියට මෙසේ පහර දුන්හ.
කැරලි මර්ධන ඒකකය පිටියට පිවිස පිටිය වටා ගමන් කරන්නට වූ අතර ක‍්‍රීඩකයින් සියළු දෙනා පිටිය මැදට පැමිණියහ. පසුව ටික වේලාවකින් තරගය යලි ඇරඹුනු අතර තරගයේ පන්දුවාර 45.1කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගනිමින් ඉන්දීය පිල ජයග‍්‍රහණය වාර්තා කලේය. ඒ අනුව තරග පහකින් සමත්විත තරගාවලිය මේ වන විට 3-0ක් ලෙස ජය ගැනීමට මේ වන විටත් ඉන්දීය පිල සමත්ව සිටී.
ලොව හොදම ක්‍රිකට් කණ්ඩායමේ සිට ලොව දුර්වලතම ක්‍රිකට් කණ්ඩායම දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සිදුවූ පසුබැස්මට සෘජුව හේතු වූ ක්‍රිකට් පරිපාලනය එරෙහිව අප හඩ නැගීම ඇරඹිය යුතුය. ශ්‍රී ලංකා කන්ඩායම තම මව් රටේදී විදේශ කන්ඩායමකට 3-0 ලෙස පරාජය වීම අප රටේ ක්‍රිකට් තවත් වැටෙන්නට තැනක් ඇතැයි අප කිසිවකුට හිතන්නට යමක් ඉතිරිවී නැත. තමන් නිතර දෙවේලේ ක්‍රීඩා කරන භූමියේ පිටරැටියන්ට එරෙහිව ක්‍රීඩාකර ගත නොහැකිව සේදී යනවානම් මෙහි වගකීම බාරගන්නේ කවුද?
පරාජයන් එකක් දෙකක් ඉවසාගත හැක. උස් පහත් වීම් පොදු ලක්ෂනයකි. එහෙත් විසුමක් නොමැතිව මව් රටේදී පිට රටේදී කියා වෙනසක් නැතිව අතුගෑවී යාමට පරාජය වන්නේ නම් පදනමේ සිට අඩුපාඩු විශාල ගණනක් තිබේ.
ඉන්දියානුවන් තරග 3 ට ඉනිම් 4 ක් ක්‍රීඩා කර වැටී ඇත්තේ කඩුලු 32 ක් පමනයි. එයට අප පන්දු යවන්නන් ලකුනු 1949 ක් ලබා දී ඇත. එවිට අප පන්දු යවන්නන් එක කඩුල්ලක් දවා ගැනීමට සාමන්‍ය ලකුණු 60 ක් ලබා දී ඇත. එනම් පිතිකරුවන් 32 නාම අර්ධ ශතක වාර්ථා කලාක් මෙනි.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන ඇත්තේ ලකුණු 1431 ක් පමනි.
ඔවුන් ඉනිම් 6 ම ක්‍රීඩා කර තිබේ. එය එක් පිතිකරුවකුගේ සාමාන්‍ය ලකුනු 23 කි. මේවා දත්ත පමණකි. මේවා විශ්ලේෂණය කිරීමට සුදුසුකම් සැපරූ පුහුණුකරුවෙක් හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට නැත.
දැන් මෙය විශ්ලේෂනය පමනක් කිරීමෙන් පලක් නැත. පිලියම් අවශ්‍යය. තරගාවලි හැම එකක්ම මෑත කාලයේදී පරාජය විය. ඒ හැම අවස්තාවකම පිලියම් සැලසුම් යොදා ඇතිබව පරිපාලනය පැවසුවත් ඊලග තරගාවලිය අන්ත පරාජය වෙයි.
මෙහි වගකීම කිසිවකු ගන්නේ නැත. ඉල්ලා අස්වන්නට කෙනෙක් නැත. පරිපාලනය අසමත් බව පෙන්වා තිබියදී ඉහල පුටුව හුස්ම තදින් අල්ල මෝල් ගස් ගිල්ලා මෙන් රජ ප්‍රකාශ මාධ්‍යට දෙමින් ලොරි ටෝක් දෙයි. ඇමති ක්‍රිකට් ඉහල පුටුවට බයාදු ගතියක් පෙන්වන අතර එහෙයි කියා සිනාසී ඔලුව පහත් කරගෙන ඉන්නවාක් මෙන් ඇස් කන් ඇත්තන්ට පෙනෙයි.
දේශපාලකයන් ක්‍රිකට් ක්‍රිඩාව සින්න කරගෙන හමාරය. වගකීමක් බාරගෙන ඔවුන් ඉල්ලා අස්වීමට කැමත්තක් නැත. ජනතාවද මාධ්‍යද ඔවුන්ට ඉල්ලා අස්වෙන්නැයි බල කරන්නේ ද මතයක් හදන්නේත් නැත. වෙන දෙයක් වන්නට ක්‍රීඩකයන්ගේ අඩුපාඩුවලට බැන වදිමින් ක්‍රිකට් වලින් ඈත්වෙමින් සිටී. ක්‍රීඩකයන් මුදල් වලට පමනක් ක්‍රීඩා කරනවානම් එය පාලනය කිරීම පරිප්පාලනය සතුය. රට වෙනුවෙන් ඔවුන්ට හැගීන් එන්නේ නැතිනම් හැගීම් දනවන්න පරිපාලනයට හැකිවිය යුතුය. එහෙත් මේ ඇතුලත දැවැන්ත මාෆියාවක් ක්‍රියාත්මක බව පැහැදිලිය.
පරිපාලනයට ඉල්ලා අස්වීම හෝ කල නොහැකිනම් කණ්ඩායම හෝ ඉල්ලා අස්වීම සිදු කල යුතුය. ඕනෑම ප්‍රශ්නයකට පිලිතුරු ඇත.
ත්‍රස්තවාදීන් සමග ජීවත් වන ඇෆ්ගනිස්තාන්යට ටෙස්ට් ලබාගත හැකිනනම් ලෝක කුසාලන දිනූ රටකට කණ්ඩායමක් ගොඩ නැගීම කජ්ජක් නොවේ. රටේ පලමු පෙල තරග දුර්වල බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවා සදහන් කර ඇත. එය නිවරදි කල යුත්තේ ඇමතිවරයා සහා ඉහල පුටුය. ඔවුන්ට කිසි දැක්මක් නැත.
අප පුරවැසියන් වශයෙන් අපට විශාල වගකීමක් තිබේ.
අප මේ සදහා කළ හැකි සියල්ල කල යුතුය.
අපගේ ආදරණීය ක්‍රීඩාව බේරා ගත යුතුය.
අපි අපිට කල හැකි පමණින් අපගේ වගකීම ඉටු කරමු – ආදරණීය ක්‍රීඩාව වෙනුවෙන් අපට කල හැකි දේ කරමු..!
Post a Comment