Halloween party ideas 2015


අනියම් සබඳතා අද සමාජයේ පවතින ප්‍රධාන ගැටලුවක්‌ බවට පත් වී හමාරය. මෙම ගැටලුව නිසා පවුල් සංස්‌ථාව බිඳ වැටීම, ආර්ථිකය බිඳ වැටීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, නින්දා අපහාස ලැබීම, නොයෙකුත් සමාජ රෝගවලින් පීඩා විඳීම, සිය දිවි හානිකර ගැනීම පමණක්‌ නොව මිනී මැරුම්වලට පවා මුහුණපාන අවස්‌ථා දක්‌නට ලැබේ.

අනියම් සම්බන්ධතාව කාම මිත්‍යාචාරය යන අකුසලයට වැටේ. සැමියකු විසින් හෝ බිරිඳක විසින් හෝ මාපිය සහෝදරයකු විසින් ආරක්‍ෂා කරනු ලබන ස්‌ත්‍රියක හෝ පුරුෂයකු බලෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් කාමයේ වරදවා හැසිරීම, කාම විත්‍යාචාර පාපය වේ. එනම් තමා ආරක්‍ෂා කරන පුරුෂයා සිටියදී පරපුරුෂයන් හා හැසිරීම ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය වේ. හිමියන් නැති මාපියන් විසින් ආරක්‍ෂා කරන ස්‌ත්‍රියක්‌ සමඟÊකාමයේ හැසිරීම පුරුෂයාට පමණක්‌ කාම මිත්‍යාචාරයේ පාපය වේ. සැමියකු විසින් ආරක්‍ෂා කරන ස්‌ත්‍රියක හා හැසිරීම ස්‌ත්‍රියට හා පුරුෂයාට යන දෙදෙනාටම කාම මිත්‍යාචාරය වේ. එහිදී පහත කාරණා 4 අංගසම්පූර්ණ විය යුතුය.

1. සේවනය නොකළ යුතු ස්‌ත්‍රියක හෝ පුරුෂයකු වීම.
2. සේවන චිත්තය ඇති වීම.
3. සේවනයට උත්සාහ කිරීම.
4. සේවනය කිරීම හෝ ආශ්වාදය විඳීම යන අංග 4 සම්පූර්ණ වීම කාම මිත්‍යාචාරය වේ.

මෙම අකුසලය අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය වශයෙන් කොටස්‌ 2 කට බෙදේ. මෙහි ආදීනව බුදු දහමට අනුව මෙලොවදී නින්දාවට පත්වීම, අනුන්ගෙන් පහර වැදී මරණයට පත්වීම, සිරගෙයි වැටීම, මරණයෙන් පසු නිරයෙහි ඉපදීම, මිනිස්‌ බල ලැබූ කල්හි බොහෝ ජාතීන්හි නපුංසකයන් වීම. පුරුෂයෙක්‌ නම් ස්‌ත්‍රියක්‌ වීම, විරූපී වීම, ජනයාට අප්‍රිය වීම. බොහෝ සතුරන් ඇත්තෙකු වීම, රෝගීන් වීම ආදී පීඩා බුදුන් වහන්සේ දේශනා කර ඇත.

අනියම් සබඳතා ඇතිවීම සඳහා ජ්‍යෙdතිෂයට අනුව, තම ජන්ම පත්‍රයේ යෝග විශාල සංඛ්‍යාවක්‌ ඇත. එනම් කේන්ද්‍ර පරීක්‍ෂාවේදී පුද්ගලයා කාමභෝගී පුද්ගලයෙක්‌ ද? අධ්‍යාත්මය දියුණු කරන පුද්ගලයෙක්‌ ද? යන්න පරිණත ජ්‍යෙdතිෂවේදියකුට කේන්ද්‍රය පරීක්‍ෂාවෙන් තීරණය කළ හැක. ඉන්පසු ඔහුගේ විවාහය සඳහා ඔහු කාමභෝගී පුද්ගලයෙක්‌ නම්, ඒ සඳහා ගැලපෙන කේන්ද්‍රයක්‌ ද, අධ්‍යාත්මය සඳහා නැඹුරු පුද්ගලයෙක්‌ නම් ඒ සඳහා ගැලපෙන කේන්ද්‍රයක්‌ ද පොරොන්දම් පරීක්‍ෂාවෙන් හා කේන්ද්‍ර ගැලපීමෙන් නිර්දේශ කළ යුතු වේ. මෙහිදී 7 වැන්න, 8 වැන්නාධිපතිගේ පිහිටීම. 7 වැන්නේ හා 8 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම හා එම ස්‌ථානවලට ඇති ග්‍රහ දෘෂ්ටීන් කුජ මිතුරුව පිහිටීම. අතිධාවනකාරී කාමයෝග ඇත්නම් ඒවායේ බලදුබලතාවය, ඉහත සඳහන් ග්‍රහයන්ට අදාළව ග්‍රහයන්ගේ ශඩ් වර්ණය. නැකත, අවස්‌ථාවන්, එම ග්‍රහයන්ට අදාළවන ජීව ශරීර ග්‍රහයන්ගේ බල දුබලතාවය, ඊට අමතරව 5 වැන්න හා 11 වැන්නට අදාළව ග්‍රහ පිහිටීම මගින් ද, එනම් විවාහයට පෙර සබඳතාවය 5 වැන්නෙන් ද, විවාහයට පසු සබඳතා 11 වැන්නෙන්ද, පරීක්‍ෂා කළ යුතු වේ. එසේම කුජ සිකුරුගේ පරිවර්තන (රාශි, නවාංශක, නැකැත්) පරීක්‍ෂා විය යුතු වේ. මෙහිදී ඉහත සඳහන් කළ ස්‌ථාන හා ග්‍රහයන් පාප පීඩිත වීම, නීච සතුරු වීම, ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටිවලට හසු නොවීම ආදී විශාල කරුණු සංඛ්‍යාවක්‌ අධ්‍යයනය කර පලාඵල කථනය සිදුÊකළ යුතු වේ. (අනියම් සබඳතා විකෘති කාම ආශාවන් ආදිය)

මෙහිදී මෙවැනි යෝග (ග්‍රහ පිහිටීම්) කේJද්‍රය තුළින් පෙන්නුම් කරන්නේ නම් එවැනි අය ඒ සඳහා පූර්ව දැනුවත් වීම් තුළින් කර්මානුරූපීව වන බලපෑම අවම කර ගැනීම සඳහා උත්සාහය හා වීර්යය තුළින් ජය ගත හැකිය. ඉහත යෝගයන් මහ දශාව සහ අන්තර් දශාව, ගෝචර ගමන පාදක කරගෙන, එවැනි සබඳතා ඇතිවන කාලය නිaර්ණය කළ යුතු වේ. එමගින් අදාළ කාලඡේදයන් පෙර හඳුනා ගැනීම හා දැනුවත්වීම මගින් ඒ සඳහා පිළිවෙත් හා ප්‍රතිකර්ම කිරීමෙන් හා එම පුද්ගලයා සතු වීර්යය තුළින් හා සහසම්බන්ධතාවයන් හි ඇති බලවත් වීම තුළින් පවුල් සංස්‌ථාව තුළ මේවා මඟ හරවා ගත හැක. ජ්‍යෙdතිෂය යනු කර්මය පදනම් කරගෙන, අනාවැකි පළ කරන විෂයයක්‌ වන අතර, මෙය ලෞකික දියුණුව සඳහා යොදාගත හැකි ලොව පවතින විද්‍යාවන් අතරින් අද්විතීය සම්පතකි. නමුත් බුදුÊදහම අනුව සියලු දේ කර්මයට භාර නොදී, අනෙකුත් න්‍යාය ධර්මයන් පාදක කරගෙන ආර්ය සත්‍යයට අනුකූලව, ලොව පවතින යථා ස්‌වරූපය එලෙසින්ම විග්‍රහ වන, පරම සත්‍යයම වේ. එම නිසා ජ්‍යෙdතිෂය හා බුදු දහම සමගාමීව යන විෂයයන් 2 ක්‌ නොවන අතර,
 ජ්‍යෙdතිෂය යනු ලෞකික සම්පත් හා අධ්‍යාත්මය දියුණු කර ගැනීමට උපකාරී කරගත හැකි විෂයක්‌ වේ. මා විසින් පෙර පරිච්ඡේදවල සඳහන් කළ යෝගවල බලපෑමක්‌ ඇත්නම්, ප්‍රතිකර්ම කිරීමේදී දෙවියන්ගේ පිsහිට සෙවීම තුළින් බෞද්ධයන්ගේ සාරණාගමනය (තිසරණය පිළිබඳව පවතින පිවිතුරු චින්තය) කිළිටි වේ යන්න ඇතැමුන් කිව්වත්, එය එසේ පිළිගත නොහැක. ස්‌වශක්‌තියෙන් සිදුකර ගත නොහැකි දෙයක්‌ එය සිදුකර ගැනීමට හැකි කෙනෙකු ලවා, සිදුකරවා ගැනීමේදී ගරුබුහුමන් කිරීමට තෑගි බෝග දීමට සිදු වේ. ඒ ආකාරයෙන් දෙවියන්ගෙන් යමක්‌ ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා වැඳුම් පිඳුම් කරති. එය රාජ්‍යාධීන්ට වැඳීමෙන්, පුද පඬුරු දීමෙන් සරණාගමනයට හානියක්‌ නොවන ආකාරයට දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමෙන්ද හානියක්‌ සිදු නොවේ. හානියක්‌ සිදු වන්නේ රත්නත්‍රයට වඩා උසස්‌ කොට, දෙවියන්ට වැඳුම් පිදුම් කිරීමෙනි. එනම් එවැනි පූජාවක්‌ කරන්නේ නම් ප්‍රථමයෙන් තිසරණයේ පිහිට (බුදුන් දහම් සඟුන් වැඳ) ලබා ගැනීම බෞද්ධයන් විසින් කළ යුතු වේ. මෙවැනි යෝගයන් ඇති වන්නා වූ අයගේ ග්‍රහ පිහිටීම් අදාළ කරගෙන, එම අදාළ ග්‍රහයන්ට කළ යුතු පිළිවෙත් හා ප්‍රතිකර්ම සිදු කළ යුතු අතර, අමනුෂ්‍යයන් මුල්කර ගෙන බන්ධන කර ඇත්නම් (වශී, ඉනා වැනි) කේන්ද්‍රය සූක්‍ෂම ආකාරයට පරීක්‍ෂා කිරීමෙන් ඒවාද හඳුනාගත හැකි අතර, මෙහිදී (කේතුගේ, රාහුගේ, පිහිටීම, ඔවුන්ගේ මහ දශා, අන්තර්Êදශා වල බලපෑම) සැලකිල්ලට ගත යුතුය. සෝවාන් වූ ආනන්ද හිමියන්ට පවා රොඩී බන්ධනයක්‌ කිරීම නිසා උන්වහන්සේට ද බලපෑමක්‌ සිදු වූයේ නම් ඒවායේ ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සිතා බැලීම පාඨක ඔබට භාර දෙන අතර, මෙවැනි දෙයකට සම්බන්ධ වීම විශාල අකුසලයක්‌ බව සිහියේ තබා ගත යුතු වේ.

විද්‍යාවේදී ජ්‍යෙdතිෂවේදී
ගෝඨාභය මුදලිගේ

Post a Comment

Post a Comment

    Powered by Blogger.