අනියම් බිරිඳ සමඟ එක්ව තම දරුවා ඝාතනය කර ඌරන්ට ආහාර සඳහා දැමූ යුවළකට සිර දඬුවම් නියම වූ පුවතක් ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
පියා ඔහුගේ අනියම් බිරිඳගේ බසට වහල් වී වයස අවුරුදු 07ක පිරිමි දරුවෙක් මෙලෙස ඝාතනය කර ඇති බව සඳහන්.
මෙම දරුවාගේ මව ඔවුන් හැරගොස් ඇති අතර එතැන් සිට දරුවා සිය පියා යටතේ ජීවත්ව තිබෙනවා.
කෙසේ වෙතත් අදාල පියා විසින් සමාජ ජාල මාධ්‍ය වල සටහනක් දමමින් පවසා ඇත්තේ සිය දරුවා තමන්ට එපා වී ඇති බවත් ඔහු පිළිබඳ කිසිම හැඟීමක් තමන්ට නොමැති බවටයි.
පසුව සැමියා සහ ඔහුගේ අනියම් ............... ඉතිරිය පහතින්
Loading...
දරුවට වද හිංසා පමුණුවන අවස්ථාවේ අනියම් බිරිඳ විසින් ඡායාරූප ලබාගෙන එම ඡායාරූප සමාජ ජාල මාධ්‍යවල පලකර ඇති බව සඳහන්.
දරුවා දින ගණනාවක් කුසගින්නේ තබා ඇති අතර පසුව ඔහු මිය ගිය අවස්ථාවේ ඔහුගේ සිරුර ඌරන් සඳහා ආහාරයට දමා තිබෙනවා.
2015 වසරේ මෙම සිදුවීම සිදුව ඇති අතර දරුවාගේ මවගේ පාර්ශවයේ ඥාතීන් විසින් සැකකාර පියාට සහ ඔහුගේ අනියම් බිරිඳට එරෙහිව නඩු පවරා තිබෙනවා.
එම පැමිණිල්ල විභාගයට ගත් එරට අධිකරණය නඩුවට අදාල තීන්දුව පසුගියදා ලබා දෙමින් සැකකාර පියාට සහ ඔහුගේ අනියම් බිරිඳට වසට 25ක සිරදඬුවම් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 25ක දඩ මුදලක්ද ඔවුන්ට නියමකර තිබෙනවා.
Post a Comment