Halloween party ideas 2015


නව යොවුන් වියේ පසුවන තරුණියන් 15 දෙනෙකු විසින් රඟ දැක් වූ අමුතුම ආකාරයේ නාට්‍යක් වෙත ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

මෙම නාට්‍ය ප්‍රදර්ශනය වී තිබෙන්නේ ස්කොට්ලන්තයේ ය.

අදාළ නාට්‍ය සඳහා රංගනයෙන් එක් වූ තරුණියන් පිරිස ස්කොට්ලන්තයට පැමිණෙන්නේ ඉන්දියාවේ මුම්බායි සිට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නාට්‍ය කෙරෙහි ලොව පුරා අවධානයට යොමුවීමට හේතු වී ඇත්තේ මෙහි රංගනයෙන් දායකවන තරුණියන් මුම්බායිහි ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන්වීමයි.

‘Laal Batti Expres’ ලෙස නම් කර ඇති මෙම නාට්‍යයෙහි ඇති අනෙක් විශේෂත්වයවන්නේ ඔවුන් එහි රඟ දක්වන්නේ තමන්ගේ සත්‍ය ජීවිත කතාවවන බැවිනි.

ඔවුන් ඒ සියල්ලන්ගෙන් බැහැරවීමෙන් අනතුරු ව සිය දෙමව්පියන්ට ............... ඉතිරිය පහතින්

Loading...
සමාව දී තම ජීවිතය ජයග්‍රහණය කරා රැගෙන ආ අයුරු එම නාට්‍ය තුළ දැක් වේ.

කෙසේ වෙතත් කුඩාකාලයේ දැඩි පීඩාවන්ට ලක් වූ එම තරුණියන් ජීවිතයට පැමිණි බාධා ජයගත් ආකාරය ඔවුන් විසින් සමාජයේ පීඩාවට ලක් වූ තවත් තරුණියට ආදර්ශයක් ලබාදීමට භාවිත කිරීම පිළිබඳ ලොව පුරා පැසසුමට ලක් ව තිබේ.

එම තරුණියන් එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ සිය දෙමාපියන්ට සහ තමන් පීඩාවට ලක් කළ සමාජය කෙරෙහි මෛත්‍රිය පැතිරවීම සිය සාර්ථකත්වයේ රහස බවයි.

ඔවුන් මාධ්‍ය වෙත දැක් වූ අදහස් පහතින්



Post a Comment

Powered by Blogger.