පච්චයක් නැත්තම් ටැටූ එකක් අද කාලේ තරුණ තරුණියන් අතර විලාසිතාවක් වෙලානේ. මේ ආකාරයෙන් පච්චයක් කොටා සිය ශරීරයට හානි කර ගත් තරුණියක් පිළිබඳ පුවතක් තායිලන්තයෙන් වාර්තාවුණා. තායිලන්ත ජාතික Pasuda Reaw නම් 21 හැවිරිදි තරුණියක් සිය පපු ප්‍රදේශයේ කෙටූ පච්චයක් ලේසර් කිරණ භාවිත නොකර ඉවත් කර තිබෙනවා.
එසේ ඉවත් කිරීමෙන් ඇයගේ ශරීරයට විශාල තුවාලයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඇය කෙටූ පච්චය ප්‍රමිතියකින් තොරවීම නිසා ඇය එය රසායනික ද්‍රව්‍යයක් මගින් ගලවා ඉවත් කරගත් බවයි පවසා තිබෙන්නේ.
තවද තවත් අයෙකුට අනතුරු ඇඟවීම සඳහා මෙම ඡායාරූප අන්තර්ජාලයට යොමු කළ බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ................ ඉතිරිය පහතින්
Loading...
එම ඡායාරූප පහතින්. – hiru gossip
Post a Comment