Halloween party ideas 2015


ස්මාර්ට් ජංගම දුරකථනයෙන් අසභ්‍ය චිත්‍රපට බැලුවොත් වෙන දේ මෙන්න” – ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමෙන් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට හැකියාවක් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එංගලන්තයේ සිදුකළ නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිවී ඇති බවයි.
ඒ අනුව මේ හේතුවෙන් ලොවපුරා පුද්ගලයන් ලක්ෂ 8 කගේ තොරතුරු පරිඝනක දත්ත සොරුන්ගේ අතට පත්වී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පරිඝනක ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවිවලට ............... ඉතිරිය පහතින්

Loading...
පිවිසීමෙන්ද මෙම තත්වය ඇතිවුවද ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම සිදුකිරීමෙන් දත්ත සොරුන්ට අදාළ පරිශීලකයාගේ පෞද්ගලික දත්ත ඉතා පහසුවෙන් ලබාගත හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව අදාළ වෙබ් පිටුවලට පිවිසීමෙන් අනතුරුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන මෘදුකාංග මගින් දත්ත දුරකථනයෙන් පිටතට ලබාගත හැකි වනවා.

කෙසේ වෙතත් අසභ්‍ය වෙබ් පිටුවලට පිවිසීමෙන් අනතුරුව අදාළ දත්ත දුරකථනයෙන් මකාදැමීම සිදුකළද ඒවා නැවත ලබාගත හැකි බවයි එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

අදාල පරීක්ෂණයට අනුව ලොව පුරා බොහෝ පිරිසක් සිකුරාදා දිනයන්හි අධික ලෙස අසභ්‍ය වෙබ් පිටුවලට පිවිසීම සිදුකරන බවත් අනාවරණ වී තිබෙනවා.

අවම වශයෙන් එවැනි වෙබ් අඩවි වෙත පිවිසීම සිදුවන්නේ සඳුදා දිනයන්හි බවටයි එම වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර අන්තර්ජාල ආරක්ෂණ ආයතනයක් විසින් ස්මාර්ට් දුරකථන ලක්ෂයක් යොදාගනිමින් සිදුකල සමීක්ෂනයකදී හෙළිවී ඇත්තේ තෝරාගත් අසභ්‍ය චිත්‍රපට 50 ක් නැරඹීමට ඒ අතර කාන්තාවන් සියයට 18 ක් ඇබ්බැහි වී ඇති බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකථන මගින් අසභ්‍ය වෙබ් පිටුවලට පිවිසීම හරහා අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව රහසිගත නොවන බවයි.

Post a Comment

Post a Comment

    Powered by Blogger.