Halloween party ideas 2015


තමන් මේ මොහොතේ දූෂණයට ලක්වන බව සඳහන් කරමින් ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කළ තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන්. ඕස්ට්‍රේලියාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික 23 හැවිරිදි තරුණියක් විසින් මෙම මෙම පණිවුඩය පසුගියදා සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුනා. අදාළ තරුණිය ඇතුළු 14 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි නිවසක නතරවී සිට තිබෙනවා.

එම පුද්ගලයන් අතර සිටි මෙක්සිකානු ............... ඉතිරිය පහතින්

Loading...
ජාතිකයෙක් මෙලෙස ඇය දූෂණය කර ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ. එහිදී එම පුද්ගලයා කෑ ගසමින් මට ඇය සමඟ ලිංගිකව එක්වීමට අවශ්‍ය බව පවසමින් හැසිරුණු බවයි එහි සිටි අයෙකු ප්‍රකාශ කර ඇත්තේ. අනතුරුව මෙම පුද්ගලයා විසින් එම තරුණිය බිම දමා පහරදී අමානුෂික ලෙස දූෂණය කර තිබෙනවා.

පසුව අදාළ සැකකරු විසින් පිහියක් ගෙන තරුණිය දෙසට පැන ඇති අතර එම අවස්ථාවේ ඔහුගෙන් පිහි පහර තුනක් එම තරුණියට එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් ලද ඇසිල්ලකින් මෙම තරුණිය ඔහුගේ ග්‍රහණයෙන් මිදී එම නිවසේම වෙනත් කාමරයට ගොස් දොරගුළු ලාගෙන ඇති බවයි අධිකරණයේදී හෙළිවී ඇත්තේ. එහිදීයි ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමට අදාල පණිවුඩය එක්කර ඇත්තේ.

ඒ අනුව එරට පොලිසිය විසින් අදාළ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකාර තරුණයා පසුව අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු මානසික රෝගියෙකු බවයි. පසුව කරුණු සියල්ල විමසා බැලූ අධිකරණය විසින් එම පුද්ගලයා මානසික වෛද්‍ය ප්‍රතිකාර සහිතව එම සැකකරු රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙසට නියෝග කර තිබෙනවා.

Post a Comment

Post a Comment

    Powered by Blogger.