Halloween party ideas 2015


Loading...

අනියම් පෙමක පැටලීම නිසා බිරිද හා කුඩා දරුවන් තිදෙනානිවසේ කාමරයක සිරකර ගිනිතබා මරා දැමීමට උත්සහකල නරුම සැමියෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඊයේ (30) අළුයම අනියම් බිරිදගේ නිවසේ සැගවී සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරු අනුරාධපුර විජයපුර චූලනී මාවතේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු බව සදහන්කල පොලිසිය ඔහු අපරාධයෙන් අනතුරුව අනුරාධපුර තුන්වන පියවරේ පදිංචි අනියම් බිරිදගේ නිවසේ සැගවී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරුගේ මෙම ක්‍රියාව නිසා ඔවුන් පදිංචිව සිටි කුඩා නිවස දරුවන්ගේබිරිදගේ ඇදුම් පැලදුම් පාසල් වයසේ පසුවන දරුවන්ගේ පොත්පත් සියල්ල විනාශවී තිබූබව පොලිසිය පැවසුවේය.

සැකකරු කලාන්තරයක සිට කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වන බවත් ඒ හේතුවෙන් නීත්‍යාණුකූල බිරිද සමග දිනපතා අඩ දඹර කරගෙන ඇයට වද හිංසාවන් පමුණුවන බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. සැකකරු පසුගිය (28) වනදා රාත්‍රීයේ බිමතින් නිවසට පැමිණ බිරිදට පහරදී වයස අවුරුදු නමයක් වයස අවුරුදු හතරක් හා මාස 18 ක් වන අත දරුවාටත් අමානුෂික ලෙස පහරදී නිවසේ දොරගුළු දමා නිවසට ගිනිතබා පලා ගොස් ඇතිබව පොලිසිය පැවසුවේය.

ගින්නත් සමග සැකකරුගේ බිරිද හා දරුවන් නිවසේ සිරවී විලාප තැබීම නිසා අසල්වාසීන්ට එම හඩ ඇසි ඔවුන් එහි පැමිණ නිවසේ දොරගුළුකඩා සියළුම දෙනා ආරක්ෂිතව ඉවතට ගෙන තිබූබව පොලිසිය පැවසුවේය.සැකකරුගේ මව විසින් ඔවුන්ට ජීවත්වීම සදහා නිවසේ කොටසක් සකසාදී ඇති බවත් එම කොටස මුළුමනින්ම විනාශවී ඇති බවත් පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවටගත් සැකකරු පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් කියා තිබුණේ නිවසට ගොස් දුම්වැටියක් දල්වා එහි ගිණිකූර කාමරයට විසිකල අවස්ථාවේ කාමරයේ තිබු රෙදිපිලි වලට ගිනි ඇවිලෙන්නට ඇති බවයි.දරුවන් හෝ බිරිද මරා දැමීමට තමන් එවැනි ක්‍රියාවක් සිදුනොකල බවත් නිවසේ කිසිවෙකුටත් පහර නොදුන්බව ඔහු පොලිසියට පවසා තිබුණි.

අත්අඩංගුවටගත් 42 හැවරදි සැකකරු අනුරාධපුර නව නගර බස් නැවතුමේ ත්‍රීරෝද රථ රියදුරෙකු වශයෙන් සේවය කරන අතර ගිනි තබා මනුෂ්‍ය ඝාතනයන් සිදුකිරීමට උත්සහ කිරීම හා නිවසට දේපළවලට අනර්ථයක් සිදුකිරීම යන චෝදනාව මත සැකකරු ඊයේ (30) දහවල් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නොවිසදුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජී.විදානගමගේ පොලිස් කොස්තාපල්වරුන් වන 31241 ප්‍රේමතිලක 47825කුමාර 62662 විජේකෝන් යන නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

(තිසර සමල් එප්පාවල)

Post a Comment

Post a Comment

    Powered by Blogger.