කාන්තාවක් විසින් මෙහෙයවු ජංගම ගණිකා ව්‍යාපාරයක් අනාවරණ කර ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. එම කාන්තාව විසින් ගණිකා වෘත්තියේ යෙදවූ කාන්තාවන් දෙදෙනෙකු ද ගම්පොළ කොට්ඨාශ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත්තා නාවලපිටිය- මීපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගණිකා ව්‍යාපාරය මෙහෙය වූ කාන්තාව ඇතුළු කාන්තාවන් තිදෙනා වයස අවුරුදු 24 , 27 සහ 44 වයස්වල පසුවන්නියන්.
Loading...
මෙම කාන්තාවන්ගේ සේවය ලබාගන්නේ නම් එහි ප්‍රධාන තැරැව්කාර කාන්තාවට අමතා ඔවුන් ලබාගත යුතු වනවා. ඒ අනුව පොලිසියේ උපාය දුතයෙකු යොදවා සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොළ පොලිස් බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුවයි වැටලීම සිදුකරනු ලැබුවේ. සැකකාරියන්ට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා
Post a Comment