Halloween party ideas 2015


පාසල් වයසේ පසුවන දැරියන් අතර වැඩි ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව සඳහන් කළේ රණවිරු සේවා අධිකාරිය සංවිධානය කළ, යුද්ධයේදී මියගිය හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ පවුල්වල දරු දැරියන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක්‌ අමතමිනි.

තරගකාරි අධ්‍යාපනයට දරුවන් යොමු කරනවා මිස ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව දෙමාපියන් නිසි අවධානය යොමු නොකරන බව මේ හේතුව නිසා දෙමාපියන් හා දරු දැරියන් අතර මනා සබඳතාව බිඳ වැටී මධ්‍යම පළාතේ පමණක්‌ දැරියන් හාරසියයකට අධික පිරිසක්‌ පරිවාරගත කිරීමේ ෙ€දනීය තත්ත්වයක්‌ උදාවී ඇතැයි ඇය සඳහන් කළාය. එහිදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම අවස්‌ථාවට සහභාගී වූ ආණ්‌ඩුකාරවරිය, අතීතයේ දී දරුවන්, ගුරුවරුන් හා වැඩිහිටියන් අතර මනා සම්බන්ධතාවක්‌ පැවැති බැවින් සමාජය ඉතා ශක්‌තිමත්ව පැවැති බව කීවාය. නමුත් අද එම සමීප සබඳතා බිදවැටී දරු දැරියන් සමාජයේ අතවරයට පත්වන කනගාටුදායක තත්ත්වයක්‌ උදාවී ඇතැයි කීවාය.

මධ්‍යම පළාතේ අතවරයට පත්වූ දැරියන් පරිවාස ගත කිරීමට සිදුව ඇති බැවින් ඔවුන් කිසිසේත්ම සමාජයෙන් කොන් නොකළ යුතු බවත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත එම දරුවන්ට සුදුසු පරිසරයකින් යුතු පරිශ්‍රයක්‌ නිර්මාණය කරන බව කී ආණ්‌ඩුකාරවරිය මෙසේ කීවාය.

අද විදුහල්පතිවරු අපට පැමිණිලි කරනවා දරුවන්ට පාසලේදී ඉගැන්විය නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබෙන බවට. ඇතැම් දරුවන් ගුරුවරුන්ට පහරදීමට උත්සහ කරනවා. දැඩි මුරණ්‌ඩු ගතියකින් සිටින්නේ. ඇතමුන් නිරන්තරයෙන් සිනා සිසී සිටිනවා. අද දරුවන් රැසක්‌ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටිනවා. පුවක්‌ වර්ගයක්‌ මේ වන විට පාසල් දරුවන් අතර ප්‍රචලිතව පවතින අතර මේ හේතුවෙන් දරුවන් නිරන්තරයෙන් සිටින්නේ මත් ගතියෙන් යෑයි ගුරුවරුන් අපට ප්‍රකාශ කළා. දෙමාපියන් දරුවන් පිළිබඳව අවධානය යොමු නොකරන නිසා ඔවුන් වැඩිහිටියන්ගේ ගොදුරු බවට පත් වෙනවා.

අතවරයට පත් පාසල් දැරියන්ගෙන් වැඩිපිරිසක්‌ ගොදුරු බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ ඥාතීන්ගෙන් හා ගුරුවරුන්ගෙන්. මෙය කනගාටුදායක තත්ත්වයක්‌. මේ නිසාම දරු දැරියන්ට සිදුවන අතවර පිළිබඳව ............... ඉතිරිය පහතින්

Loading...
දැනුම්දීම සඳහා දුරකථන පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමට අප පියවර ගන්නවා. දෙසැම්බර් මාසය වන විට මහනුවර දිස්‌ත්‍රිකයෙන් ආරම්භ කරන මෙම ස්‌ථාවර දුරකථන පද්ධතිය මගින් අනන්‍යතාව හෙළි නොකරන අයට පවා තොරතුරු දැනුම් දිය හැකියි. මෙවැනි ක්‍රියාමාර්ග තුළින් අප උත්සහ කරන්නේ දරු පරපුර ආරක්‌ෂා කර ගැනීමටයි. මහනුවර පොලිස්‌ ස්‌ථානය ද අපට මේ සඳහා විශාල සහයෝගයක්‌ ලබා දෙනවා.

වැරදි කළ අයට දඬුවම් ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාව අතීත රජ සමයේ රාජ දණ්‌ඩනයට යටත් වූ රටක්‌. වැරදිකරුවන්ට මරණ දඬුවම පවා පැනවූ රටක්‌ වන මෙහි අවම වශයෙන් රාජ ආඥාවක්‌ හෝ ක්‍රියාත්මක විය යුතු යෑයි ආණ්‌ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය, උපසභාපති උපුලාංගනී මාලගමුව මහත්මිය, එම අධිකාරියේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්‌ෂ තුෂාර ජයසිංහ මහතා ඇතුළු පිරිසක්‌ මේ අවස්‌ථාවට එක්‌විය. රණවිරු පවුල්වල දරු දැරියන් 110 දෙනෙකු මෙහිදී අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන් පිදුම් ලදහ.

Post a Comment

Post a Comment

    Powered by Blogger.