Halloween party ideas 2015


“අබුද්දස්‌ස කාලේ ලබුත් තිත්තවේ” කියමන සනාථ කරමින් මංගල සීනු හඬවන්නට දහසක්‌ සිහින මවමින් සිටි තරුණියකට මඟුල් දා තම සිහින බොඳ කළ අපූරු මනාලයකු පිළිබඳ ජුගුප්සාජනක පුවතක්‌ පාදුක්‌ක ප්‍රදේශයෙන් “දිවයින”ට වාර්තා වේ.

ඇය සුන්දර මෙන්ම අහිංසක යුවතියකි. පසුගියදා දෙමාපිය ආශිර්වාද මැද කුලගෙට යන්නට දහසක්‌ සිහින මැව්වාය. මඟුල් දිනය තීරණය කොට ඒ සඳහා පාදුක්‌ක පුස්‌ඇළිඔය අසල හෝටලයක්‌ වෙන් කෙරිණි. ඒ පසුගිය සති අන්තයේ දවසකි. එදින මනාලියගේ සියලු නැදෑ පිරිස පුස්‌ඇළිඔය අසබඩට එකතු වූයේ නව යුවළට ආසිරි පතන්නටය.

කාලය උදාවිය පෙරුම් පුරමින් බලා සිටි මනාලයා............... ඉතිරිය පහතින්

Loading...
උත්සව ශාලාවට එන පාටක්‌ නැත. මනාලියගේ ඥාතීන් කලබල විය. මනාලයාගේ පාර්ශ්වයට දුරකථන ඇමැතුම් දුන්නේ ඉන් පසුවය. එහෙත් ඒ වන විට මනාලයාගේ නිවස ද ගිනිගෙන තිබිණි. මනාලයා මඟුල් දා හිමිදිරියේ අතුරුදන් වී තිබිණි. අවසානයේ මෙය පාදුක්‌ක පොලිසියේ නතර විය.

මනාලයා ආගිය තැන විමසුමට ලක්‌ කෙරිණි. පොලිස්‌ ඇසට මඟ හැරීමට ඔහුට බැරිවිය. මංගල සිහින සැබෑ කෙරුම පසෙක තබා ඔහුගේම මිතුරකු සමඟ සැඟව සිටියදී සොයා ගන්නා ලදී.

පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා කාරුණිකව කරුණු වටහා දීමට කටයුතු කෙරිණි. මනාලයාගේ පියා මනාලියගේ පියාගෙන් සමාව අයදිණි. අසම්මත කතාවක අතුරු ප්‍රතිඵල පිළිබඳ තේරුම් ගැනීමට දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතුය. මනාලිය සිය මංගල සළුපිළි හැර දමා නිවසට පිටත්වූයේ නුපුරුදු දීගයට වඩා පුරුදු කණවැන්දුම හොඳයි යන සිතිවිල්ලෙන් විය යුතුය.

Post a Comment

Powered by Blogger.