Halloween party ideas 2015


මවට පහර දුන් පියා පහරදී ඝාතනය කළ පුතෙකු පිළිබදව පදියතලාව – ඉහළවීථිය ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා. සමාජ සාරධර්ම කෙමින් කෙමින් පරිහානියට පත්වන විට දෙමව්පියන් දරුවන් මරා දමන අවස්ථා මෙන්ම, දරුවන් දෙමාපියන් ඝාතනය කරන අවස්ථා ද අද විටින් විට වාර්තා වනවා. විවිධ සමාජ ගැටලූ හමුවේ පිළිතුරු සොයා ගත නොහැකි වන ඇතමුන් මෙවැනි ක්ෂණික තීන්දුවලට එළඹීම කණගාටුවට කරුණක්.

තම 18 හැවිරිදි වැඩිමහල් පුතු පොරෝ මිටකින් කළ පහරදීමකින් ඊයේ මෙලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 46 ක තුන්දරු පියෙක්. මවගේ අනියම් සබදතාවක් පිළිබද සැකයක් හේතුවෙන් පියා ............... ඉතිරිය පහතින්

Loading...
නිතර ඇයට පහරදෙන බව අත්අඩංගුවට ගත් වැඩිමහල් පුතු ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ පියා ඇයට පහරදෙන අවස්ථාවේ මව බේරා ගැනීමට තමන් පොරෝ මිටකින් ඔහුට පහරදුන් බවයි මෙම පුතු වැඩිදුරටත් සදහන් කර තිබුණේ.

මේ අතර, සිය 37 හැවිරිදි සැමියා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිරිද ඇයගේ පියා සහ සොහොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් ඕමන්ත – පාලමොටේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. බිරිද සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් පොරොවකින් පහරදී අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. එසේම, වැලිඔය – මායාවැව ප්‍රදේශයේ වළදමා තිබූ ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද පොලිසිය සොයා ගෙන තිබුණා.

Post a Comment

Powered by Blogger.