අද මම කතාකරන්න හිතුවේ අපි හැමෝටම තියන පොදු ගැටළුවක් ගැන. දුරකතනයේ බැටරිය හා එය නියමිත ලෙස charge කරගන්න අකාරය ගැනයි අද මම කතාකරන්න හිතුවේ.දුරකථන භාවිතා කරන සෑම දෙනෙක් තුලම පවතින පොදු යතාර්ථයක් ඇත .එනම් දුරකතනයේ බැටරිය තව කොපමණ වෙලා පවතීද යන සැකයයි .සැබවින්ම බැටරිය යනු දුරකතනයේ හදවතයි.අපි යමු අපේ කතාවට
සාමාන්‍යයෙන් දුරකථන බැටරියක් මුල් භාවිතයේ සිට අවු 3 -5 දක්වා අතර කාලයක් ලොකු ගැටලුවකින් තොරව භාවිතා කරන්න පුළුවන් .භාවිත කරන පිළිවෙල මත මෙම ජිවිත කාලය තව අවුරුදු කිහිපයක් දික් කරගන්න පුළුවන්
apple ආයතනය පවසන අකාරයට ඔවුන්ගේ දුරකතන බැටරියක් 1000 පාරක් පමණ ලොකු ගැටලුවකින් තොරව charge කරමින් නැවත භාවිතා කිරීම සිදු කල හැකිය .එම අගය මෙම කර්මාන්තයේ ඉහලම අගය සේ සැලකිය හැකිය. අපි දැන් බලමු දුරකථන බැටරිය ගැන සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්.
හැකි සෑම විටම බැටරියේ ධාරිතාව 50% ඉහල අගයක තබා ගැනීම .එම අගය බැටරියේ ජීව කාලය ඉහල නැංවීමට ඍජුව බලපාන අංගයකි .එම 50............... ඉතිරිය පහතින්
අගය ඉක්මවා බැටරිය බැස්ස විට අඩුම තරමින් ස්වල්පයකින් හෝ නැවත 50 ඉක්මවිය හැකි නම් එය බැටරියට ඉතාමත්ම හිතකරය.
Loading...
සෑම විටම බැටරිය 100 % දක්වා charge කිරීමෙන් වලකීම .li-ion බැටරියක් සඳහා හොදම බැටරි ධාරිතාව 50%-80% පමණ වන අතර නිතරම 100% charge කිරීම බැටරියට අහිතකරය .
20% දක්වා අඩු වීම ඉතාම අහිතකර තත්වයක් ලෙස හැදින්විය හැකිය තවත් දෙයක් බැටරියක් 0% -100% දක්වාද charge කිරීම සිදු කල යුතුය .එය බැටරියක full cycle එකක් ලෙස හදුන් වනු ලබන අතර එය බැටරියකට මසකට වරක් පමන අවශ්‍ය වේ. දැන් පවතින බොහෝ ජංගම දුරකථන chrge කිරීමේදී සම්පුර්ණ charge වීමෙන් පසු ස්වයංක්‍රීයව විසන්දි වුවද මුළු රැය පුරාවට විදුලියට සම්බන්ද කරතිබීම අහිතකරය.
එසේම දැඩි උණුසුමට යටත්ව හා අධික ශීතලට ලක්වීමද දුරකථන සඳහා අහිතකර වන අතර බැටරියටද එහි දැඩි බලපෑමක් ඇත දිගු කාලයක් දුරකථන විසන්දි කර තැබීම මගින් බැටරි ද විසන්දි වී ගොස් දිගු කාලයක් පැවතීම මගින් බැටරියේ ආයු කාලය සැලකියයුතු ප්‍රමාණයකින් අඩු වන බව දැනට ප්‍රයෝගිකව සොයාගෙන ඇත
එසේම charge වන අතරතුර දුරකථනය භාවිතයද ඉතාමත් අහිතකරය .එහිදී එක අතකින් ELECTRON ඇතුල් වන අතර අනික් පසින් ELECTRON පිටවීම බැටරියට දරාගැනීමට අපහසු තත්වයකි.
ඔබ ඔබගේ දුරකතනයට ආදරය කරනවා නම් ඔබ ඔබගේ දුරකතනයේ බැටරියටද ආදරය කල යුතුය .එමනිසා බැටරිය සුරක්ෂිත වන ලෙස කටයුතු කරමු. උපුටා ගැනීම phonewisthara බ්ලොග් අඩවියෙනි.
මෙන්න මේ වගේ ඔයාලට වැදගත්වෙන අලුත්ම තොරතුරු හැමදාම බලන්න අපේ Facebook Page එකට Like කරලා නැත්තම් අදම Like කරලා එකතුවෙන්න. ඉදිරියටත් ඔබ නොදන්නා ගොඩක් දේවල් මුහුනුපොතෙන් ඔබට ලබාදෙන්න අපු සුදානම්. ඔයාලගේ යාළුවන් හැමෝමත් අපේ Page එකට එකතු කරන්න. ඔබට සුවබර අනාගතයක්.
Post a Comment