Halloween party ideas 2015


උසස් පෙළ සිසුවියක් ඖෂධ පෙති තොගයක් පානය කර දිවි නසාගත් පුවතක් බදුල්ලෙන් වාර්තා වනවා. නිවසේ සිටි වෙනත් රෝගියෙකුගේ ඖෂධ පෙති ඇය මෙසේ පානය කර තිබුනා. බදුල්ල විරියපුර පදිංචිව සිටි කාවිණි හසංජලී නමැති 17 හැවිරිදි සිසුවිය මෙසේ මිය ගොස් තිබෙනවා. නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පවසා ඇත්තේ මෙය සිය දිවි නසා ගැනීමක් බවයි.

මරණ පරීක්ෂණයේ දී සිසුවියගේ මව වන ජානකි චමිලා මෙසේ කියා සිටියා. ” මියගොස් ඇත්තේ මගේ දුව. ඇය ඉතාමත් ඕනෑකමින් ඉගෙනීම් කටයුතු කරගෙන යමින් සිටියා.අසනිපයක්වත් තිබුනේ නැහැ.” “පාසල් යන අවස්ථාවන්වල අඳුන ගත්තු තරුණයෙක් සමග ආදර සම්බන්ධයක් තිබුන බව අපිට දැන ගන්නට ලැබුනා. මේ ප්‍රේම සම්බන්ධය නිසා මෙහෙම දෙයක් කර ගන්නට ඇති සිතනවා”

“සිද්ධිය වූ දින රාත්‍රියේ ඇගේ නිදනකාමරයෙන් වමනය කරන ශබ්දයක් ඇසුනා. වහාම සොයා බලා ත්‍රි රෝද රථයකින් බදුල්ල රෝහලට ගෙනගියා””දුව ගෙදර තිබුන බෙහෙත් පෙති වර්ගයක් වැඩිපුර පානය කර තිබුනා. ආදර සම්බන්ධය නිසා එසේ කරගන්නට ඇතැයි සිතනවා” සිසුවිය රෝහල් ගත කළ පසු අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට 04 වන දා මිය ගොස් තිබුනා.

Post a Comment

Post a Comment

    Powered by Blogger.