13 හැවිරිදි දැරියකට කළුකුමාර දොaෂය තිබෙන බව පවසා දැරියගේ කලවා ප්‍රදේශයේ මතුරා පොල්තෙල් ආලේප කරලා
නිවසකට අයුතු ලෙස ඇතුල් වී එම නිවසේ තනිවම සිටි 13 හැවිරිදි දැරියකට කළුකුමාර දොaෂය තිබෙන බව පවසා එම දැරියගේ කලවා ප්‍රදේශයේ මතුරා පොල්තෙල් ආලේප කිරීමට ගොස් ලිංගික අතවර කළ සාත්තර මාමාව ලබන 13 වැනිදා දක්‌වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරු සහ මහෙස්‌ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඉකුත් 31 වැනිදා නියම කළාය.
දිවුලපිටිය බෝමුගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ උක්‌කුනයිදෙලාගේ පත්මසිරි හෙවත් සාස්‌තර මාමා නමැත්තාව මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණි.
නිවස ඉදිරියේ සිටි දැරියගෙන් නිවසේ කවුද ඉන්නේ කියා සැකකරු විමසා ඇති බවත් නිවසේ කිසිවකුත් නොමැති බවට දැරිය සැකකරුට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සැකකරු එම නිවසේ කාමරයක් තුළට ගොස් එහි තිබූ ඇඳක් මත ඉඳගෙන දැරියට කියා පොල්තෙල් ගෙන්වා ගෙන තෙල් මතුරා දැරියගේ කලවා ප්‍රදේශයේ තෙල් ගෑමට සූදානම් වූ අවස්‌ථාවේ දැරිය සැකකරුගෙන් මිදී නිවසින් එළියට දුවගොස් සැකකරුගෙන් බේරී ඇති බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය. සැරයන් රෝහණ (25697) මහතා පැමිණිල්ල මෙහෙය වීය.
Post a Comment