Halloween party ideas 2015


අන්තර්ජාලය හරහා Facebook මඟින් ශ්‍රී ලාංකික කතුන් සමඟ මිත්‍ර සබඳකම් පවත්වා ඔවුන් විවාහ කරගන්නා බවට පොරොන්දු දී මෙරට පෞද්ගලික බැංකුවල ගිණුම් විවෘත කරවාගෙන රුපියල් පනස් ලක්ෂයකට අධික මුදලක් වංචා කරමින් ජාවාරම් ව්‍යාපාරයක් ගෙන ගිය නයිජිරියානු ජාතිකයන් 18 දෙනෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ ඇතැයි කියන එම විදේශික ජාවාරම්කරුවන් පිරිස මුලින්ම හොරණ ප්‍රදේශයේ කාන්තාවක් රවටාගෙන ඇය මාර්ගයෙන් පෞද්ගලික බැංකුවක ගිණුමක්ද විවෘත කරගෙන එහි ගිණුම් විස්තර රහස් අංකද ගෙන්වා ගෙන එම මුදල් ජාවාරම කරගෙන ගොස් ඇති බව රහස් පොලීස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

එම නයිජිරියානු ජාතිකයන්ට සහාය ............... ඉතිරිය පහතින්

Loading...
දුන් හොරණ ප්‍රදේශයේ කාන්තාව රහස් පොලීස් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බව පොලීස් මාධ්‍ය ඒකකය පැවසීය.

එහෙත් රහස් පොලීසිය අධිකරණයේ අවසරය ලබාගෙන ඇගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී එම ගිණුමෙහි රුපියල් ලක්ෂ නවයකට අධික මුදලක් තැන්පත් වී ඇති බව අනාවරණය වී තිබේ.

පසුගිය මැයි මස 15 වැනි දින රහස් පොලීසියට මෙම මුහුණු පොත හරහා ගෙන යන මුදල් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබුණි. මුහුණු පොත හරහා ශ්‍රී ලාංකික තරුණියන් සමඟ සම්බන්ධතා පවත්වා මෙම ජාවාරම්කරුවන් ඔවුන්ට රත්රන් විවිධ භාණ්ඩ ගිණුම්වලට මුදල් බැරකර ගන්නා බවද හෙළිවී තිබේ. මෙම ජාවාරම සම්බන්ධයෙන් හොරණ, කොළඹ සහ මීගමුව ප්‍රදේශවලදී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකටයුතු නයිජිරියානු ජාතිකයන් 18 දෙනාගෙන 6 දෙනෙකු වීසා කාලය අවසන්ව සිටි අය බවද හෙළිවී තිබේ.

ඔවුන් නැවතී සිටි ස්ථානවල තිබූ සැකකටයුතු ලියකියවිලි, ලැප්ටොප්, ජංගම දුරකතනද රහස් පොලීසිය භාරයට ගෙන ඇති අතර, මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් 4 දෙනෙකු සතුව රුපියල් තුන් ලක්ෂ අසූ අටදහස් හාරසීයක මුදලක්ද තිබී හසු වූ බව පොලීස් මාධ්‍ය ඒකකය පැවසීය.

එම සැකකටයුතු නයිජිරියානු ජාතිකයන් අධිකරණවලට ඉදිරිපත් කොට ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයගත කොට තිබේ.

Post a Comment

Post a Comment

    Powered by Blogger.