Halloween party ideas 2015


සිය පුතාගේ පෙම්වතිය සමග පෙම් සුව විදිමින් සිටියදි හසුවූ 42 හැවිරිදි තිදරු පියෙක් පිළිබදව වාර්තා වෙනවා. ඒ පල්ලේබැද්ද ප්‍රදේශයෙන්.
පල්ලේබැද්ද සුදුගල ප්‍රදේශයේ රක්වාන ගඟ රක්‍ෂිතයේ පෙම්වතුන් සැරිසරන ස්ථානයක මැදි වයසේ පුද්ගලයකු සමඟ පාසල් වයසේ දැරියක් පෙම්වතුන් ලෙස හැසිරෙමින් සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඒ අමුතු සම්බන්ධය ගැන සැකයක් ඇතිවී විපරම් කිරීමේදී මෙම සම්බන්ධ කතා පුවත හෙළිව ඇත.
පාසල් වයසේ දැරියක කිසියම් අයෙකු අපයෝජනය කිරීමට සූදානමක් ඇති බව පොලිස් හදිසි ඇමතුම් අංශයට ප්‍රදේශවාසීන් දන්වා සිටීමේදී ගොඩකවෙල පොලිසිය පැමිණ මේ ගැන විමර්ශනයක් සිදු කර ඇත.‍
දැරිය පොලීසියට පවසා ඇත්තේ මැදි වියේ පුද්ගලයා තමාගේ පියා බවය. එම පුද්ගලයාද ප්‍රකාශ කර තිබුනේ දැරිය තමන්ගේ දියණිය බවයි. කෙසේ වෙතත් පරස්පර පිළිතුරු ලබාදීම පිළිබදව සැකයක් ඇති වී වැඩිදුර විමර්ශන කිරීමේදී මේ දෙදෙනාගේ සැබෑ තතු හෙළිව තිබේ.
දහ නව හැවිරිදි දැරියට සැකකරුගේ වැඩිමහල් පුත්‍රයා සමඟ ප්‍රේම සම්බන්දයක් තිබූ බවත් ඔහු තමාට අඹුසැමියන් ලෙස හැසිරීමට ආරාධනා කළ අතර ඒවාට තමන් අකමැති වූ නිසා එම තරුණයා විසින් තරුණිය මඟහැර ගොස් තිබෙන බව ඇය පොලීසියට ප්‍රකාශ ක‍ර තිබේ..
පසුව පෙම්වතා හැරයාමෙන් කළකිරීමට පත් තරුණිය ඔහුගේ පියා හමුවූ අවස්ථාවක තම දුක කියා ඇත. තම පුතා කළේ වැරැද්දක් බවත් ඔබ වැනි සියුමැලි තරුණියකට ආදරය කරන්නට ඔහු නොදන්නා බවත් පවසමින් තරුණියගේ සිත් වසඟ කරන ආකාරයට කථාබහේ යෙදෙන්නට පෙම්වතාගේ පියා අනතුරුව කටයුතුකර තිබේ.
තමා තිදරු පියකු වුවත් කොල්ලා වගේ ජීවිතයක් ගත කරන අයෙකු බවත් ඔහු පවසා ඇත.
පල්ලේබැද්ද ප්‍රදේශයේ වාහන සෝදන ස්ථානයක වාහන සේදීමේ සුළු රැකියාවක් කරන ඔහු දිනෙන් දින මෙම තරුණියගේ සිත සනසමින් දුර ඇමතුම් ලබාදී තිබෙන අතර ඇයද තම සිත සනසන පුද්ගලයා කෙරෙහි ආකර්ෂණය වී තිබේ.
උඩවලව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා නිවසේදී නිවැසියන් සිටියදීම දැරිය සනසන දුරකථන ඇමතුම් ලබාදී ඇත්තේ පුතාගෙන් තරුණියට වූ අසාධාරණය නිරාකරණය කරන බව බිරියට හඟවමිනි. මෙම සිද්ධිය පිළිබඳව සැකකරුගේ බිරිය පවසා ඇත්තේ මෑතක සිට තම සැමියා මෙම දැරිය සමඟ ජංගම දුරකතනය ඔස්සේ නිතර කතාබස් කරන බව තමා දැන සිටි බවයි. සැමියාට අවවාද කළ නමුත් එදින සේවයට යන බව පවසා දැරිය සමඟ එම ස්ථානයට ගිය බව දැන නොසිටි බවයි.
දැරිය පිළිබඳ ව්‍යාජ ලෙස කරුණාව දක්වා දැරිය උපකාරක පන්තියකට යන අවස්ථාවේ රවටාගෙන මෙම ස්ථානයට ඔහු රැගෙන විත් තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සෙවණගල ප්‍රදේශයේ පාසලක අ.පො.ස. උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන දැරියගේ දෙමාපියන් මේ සිදුවීම ගැන කිසිවක් දැන සිට නැත

Post a Comment

Post a Comment

    Powered by Blogger.