ගල්ගමුවේ 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කරයි (ඡායාරූප)
ගල්ගමුව ගිරිබාව සාලිය අසෝකපුර ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කර තිබෙනවා. අද පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිසුවිය දුෂණය කර ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
අද උදෑසන මෙම දැරියගේ මව අසල නිවසකට ගොස් ඇත්තේ දෛනික රැකියාව සඳහායි. එම නිවසේ මුරුක්කු නිශ්පාදනය කෙරෙන අතර එම කාන්තාව එහි සේවය කරන බව සඳහන්. ඇය යළිත් අද දහවල් 12 ට පමණ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇයගේ කෑ ගැසීම ඇසුනු ප්‍රදේශවාසීන් පැමිණ කළ සොයා බැලීමේදී පාසල් සිසුවිය අත් ගැටසා ඇඳ මත වැටී සිටින අයුරු දැක තිබෙනවා
.
සිසුවියගේ සිරුරේ සීරීම් තුවාල කිහිපයක් සහ උඩු තොලේ තුවාලයක් ද ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ. සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු තරුණයන් පිරිසකගේ මැදිහත් වීමෙන් අත්අඩංගුවට පත්වී ඇතැයි සඳහන්. සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.
එම සැකකරු මත්පැන් සහ මත්ද‍්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි වී සිටි අයෙක් බවටයි හෙළිවී ඇත්තේ. ඔහු සිසුවියගේ නිවස ආසන්නයෙන් බස් රථයක නැගී තඹුත්තේගම දෙසට පිටත්ව ගොස් තිබෙනවා. එහිදී බස් රථයේ කොන්දොස්තරවරයාට ඔහුගේ හැසිරීම පිළිබඳ මතුවු සැකයක් මත ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී එම ත්‍රී රෝද රථ රියදුරන් බස් රථය පසුපස ගොස් එය නතර කර සැකකරු අල්ලා පොලිස් භාරයට පත් කර තිබෙනවා. මියගිය සිසුවිය 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා. මෙම සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
සැකකරු ගල්ගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අතර සිසුවියගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඝාතනයට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
Post a Comment