ලොවක් මවිතයට පත් කළ සිදුවීම නිසා මරණින් මතු ලෝකයක් තිබෙන බව බටහිර විද්‍යාවත් පිළිගත්තා
මේ අපූරු සිදුවීම අපිට වාර්තා වෙන්නේ ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රදේශයෙන්. මෙම සිදුවීමට මුහුණ දුන්නේ වයස අවුරුදු 41 ක් පමණ වන වෘත්තියෙන් ට‍්‍රක් රථ රියදුරෙකු වූ බ‍්‍රයන් මිලර් නැමැත්තෙකුයි. දිනක් ඔහු තම ට‍්‍රක් රථය ධාවනය කරමින් සිටින විට හෘදයාබාධයක් ඇති වෙනවා. තම ශරීරයේ ඇති වෙන වෙනස තේරුම් ගිය වහාම මිලර් විසින් තමා පදවමින් සිටි ට‍්‍රක් රථය නවතා හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ගෙන තමා සිටින තත්වය පවසනවා. වහා ක‍්‍රියාත්මක වූ පිරිස් මිලර්ව හැකි ඉක්මනින් ප‍්‍රතිකාර සඳහා රොහල් ගත කරනවා. නමුත් ඒ වන විටත් මිලර් ගේ හෘදයේ ක‍්‍රියාකාරීත්වය නතර වෙලයි තිබුනේ.
රෝහලේ සිටි දක්ෂතම වෛද්‍යවරුන් කණ්ඩායම විසින් මිලර්ව දැඩි ලෙස පරීක්ෂා කරනු ලැබුවා. මිලර් හදිසි ඇමතුම් අංශය වෙත දුරකතනයෙන් කතා කරද්දි ඔහුට අධික වෙහෙසක් ඇති වූ බව පවසා තිබුනා. සැබැවින්ම මිලර්ගේ ප‍්‍රධාන රුධිර නාලිකාවක ඇති වූ අවහිරතාවයක් හේතුවෙන් හදවත අක‍්‍රීය වෙලා. වහා ක‍්‍රියාත්මක වූ වෛද්‍යවරුන් මිලර්ව සැත්කමකට භාජනය කලා. නමුත් සාර්ථක වුනේ නැහැ. යන්ත‍්‍ර සියල්ලම නිහ`ඩයි. ප‍්‍රධාන වෛද්‍යවරයා පමණක් මිලර්ගේ හදවත පණ ගන්වා ගන්න දැඩිලෙස වෙහෙස වුනා. ෂක්‍ඹ එකේ හිටපු නර්ස් එමලි බිෂොප් මෙහෙම කියනවා ඔහුට ආයේ පැමිණෙන්නට පුළුවන් වෙයි කියලා අපි කීයටවත් හිතුවේ නැහැ. දොස්තරලා සේරම් උත්සහ කරලා බැලූවත් ඔහුගේ හදවත වඩා කරන බවක් පෙනුනේ නැහැ. ඔහුගේ මොලයට රුධිරය සහ ඔක්සිජන් ගිහින් තිබුනේ නැහැ විනාඩි 45ක් යන තුරු. මට නම් හිතාගන්නවත් බැහැ ඔහු විනාඩි 45ක් පමණ අක‍්‍රියව සිටියා. වෛද්‍යවරු සේරම උත්සහ කරලා නැවැත්තුවා.
අපි හැමෝම හිතුවේ අපිට ඔහුව නැතිවුනා කියලා. එත් ක්‍ෂණයෙන් සිදුවුනේ අපි නොහිතපු දෙයක් ඔහුට සිහිය ආවා. ඔහුගේ හදවත් වැඩකරන්න ගත්තා. අපි හැමෝටම සතුටු වෙලාවක්. ඔහු නැවත කතා කරා. හොඳින් සිනාසුනා. ඔහුට ඇවිදින්න පුළුවන්. හැමදේම පුදුමයි. ඒ එක්ක ඔහු තව කතාවක් කියුවා. ඔහු කියනවා ඔහුගේ මව ඔහුව නැවත ආපසු ගෙන්වා කියලා.
මිලර් ඇත්තටම ඔහු මැරුනාට පස්සේ ගියපු ලෝකය ගැන කියල තියෙනවා. ඔහු ලස්සන මල් තිබෙන කොරිඩෝවක් දිගේ ගියා කියලා. එකවර ඔහු ආලෝකයක් වෙත ඇදිලා ගියාලූ. ඔහුව දිව්ය ලෝකයට ගියාලූ. ඒ මල් තිබෙන ලස්සන පාර දිගේ ඔහු ගමන් කරාලූ. ඔහුට ඉදිරියට යනකොට පුදුමයක් ඔහුගේ මව ඔහුට හමුවෙනො. මිලර් ගේ මව නැතිවෙලා ගොඩක් කල් වෙනවා ඒ වෙනකොට. ඔහුගේ මව ඇවිදින් ඔහුව ඇත දෙක අල්ල ගත්තාලූ . ඇය හරිම ලස්සනයි. ඒ වගේ ම ගොඩක් සතුටුයි.
ඔහුගේ මව ඔහුට එකවරම පවසනවා මේක නොවේ වෙලාව ඔයා මෙහෙ ඉන්න ඕනේ නැහැ ඔයා අපසු යන්න ඕනේ ඔයාව අපි එක්කන් යනවා කියලා තියෙනවා.
මිලර් දැන් හොඳ තත්වයේ ඉන්නවා. ඔහුට සුවයි. දැන් ඔහු අවසානය පැවසුවා මේ දේ ඔහු කියනවා මැරුණාට පසුව ලෝකයක් තිබෙනවා මිනිස්සු ඒක විස්වාස කරන්නට ඕනේ කියල.
Post a Comment