Halloween party ideas 2015


රටම කැළඹූ රක්වාන උසස් පෙළ සිසුවිය ඝාතනයට හේතුව මෙන්න” රක්වානේ සිසුවිය ඝාතනය කළේ මුදල් ලබාගෙන මත්පැන් බොන්න – සැකකරු පාපොච්චාරණයක රත්නපුර – රක්වාන – බටේයාය ප්‍රදේශයේදී 19 හැවිරිදි උසස් පෙළ සිසුවියක ඝාතනය කර ඇත්තේ මත්පැන් පානය සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට කරන ලද පාපොච්චාරණයකට අනුවයි. තනිව නිවසේ සිටි 19 හැවිරිදි මෙම උසස් පෙළ සිසුවිය සැකකරු ඝාතනය කර තිබුණේ ඉකුත් 24 වනදායි. ඇයගේ මව මීට වසරකට පමණ පෙර මියගොස් ඇති අතර, පියා සමග බටේයාය ප්‍රදේශයේ නිවසේ ජීවත්වුණා.


Loading...
පියා තේ දළු නෙළීම සඳහා ගිය අවස්ථාවේදී නිවසේ පාඩම් කරමින් සිටි මෙම සිසුවිය සැකකරු ඝාතනය කර තිබුණේ ගෙළ කපා දැමීමෙන්. සැකකරු ඇය සතුව තිබූ රුපියල් 210 ක මුදලක්, ජංගම දුරකථනයක් සහ රිදී පැහැති මාලයක කොටසක් කොල්ලකා තිබුණා. කෙසේ වෙතත් පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මොහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිටි පුද්ගලයෙකු බවයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමේ අරමුණින් මියගිය සිසුවිය සිටි නිවසට පැමිණ ඇති බවත්, හෙළිව තිබෙනවා.මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මීට වසරකට පෙර තවත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක්වූ සිසුවිය දූෂණයට ලක්ව ඇති බවට මුලදී සැක කළත් රත්නපුර මහ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිව ඇත්තේ ඇය එලෙස දූෂණයට ලක්ව නොමැති බවයි. කෙසේ වෙතත් මෙම සැකකරු ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
Loading...

Post a Comment

Post a Comment

    Powered by Blogger.