Halloween party ideas 2015


අක්මා ආබාධයකින් පෙලුණු තම මිය ගිය දරුවාගේ ප්‍රථිකාර සදහා එකතු වූ රුපියල් ලක්ෂ 35ක් එවැනිම අක්මා ආබාධවලින් පෙළෙන දරුවන් දෙදෙනකුගේ ශල්‍යකර්ම සඳහා පරිත්‍යාග කළ මවු පිය දෙපළක් පිලිබදව වාර්තා වෙනවා. ඒ ගාල්ල ප්‍රදේශයෙන්.

ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිට මියගිය සඳනෙත් ලාලිත මාස 11ක දරුවා වෙනුවෙන් ඔහුගේ මව සහ පියා විසින් එකතු කරගත් මුදලින් රුපියල් ලක්ෂ 35ක මුදලක් එවැනිම අක්මා රෝග වලින් පෙළෙන දරුවන් දෙදෙනෙකුගේ දෙමව්පියන් වෙත මෙසේ පරිත්‍යාග කිරීම ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්යස්ථානයේදි සිදුව ඇත.

මෙම උතුම් පරිත්‍යාගයෙන් අනතුරුව සිය දරුවාගේ සැත්කමට එකතු වූ ලක්ෂ 35ක මුදලක් මෙලෙස රෝගී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කළ මව ,ගාල්ල වක්වැල්ල පදිංචි W.A දිනේෂා රංගනී මහත්මිය මෙලෙස අදහස් දක්වා සිටියා.


“මගේ පුතා අක්මා රෝගයකින් පෙළෙන බව වෛද්යවරුන්ගෙන් මම දැන ගත්තා. ඒ සදහා රුපියල් ලකෂ 85ක් පමණ වැය වෙන බව වෛද්‍යවරු පැවසුවා.

එම අක්මා බද්ධ ශල්යකර්මය ඉන්දියාවේ දී සිදු කළ යුතු බවත් වෛද්‍යවරු කීවා. ඊට පසු මමත් පවුලේ අයත් පොළවල් ගානේ යමින් ශල්යකර්මයට අවශ්ය මුදල් එකතු කළත් අවශ්ය මුදල ලබාගත හැකි වූයේ නැහැ.
පසුව මෙම සිද්ධිය විවිධ මාධ්යවල ප්රචාරය වීමෙන් පසුව අවශ්ය මුදල සොයා ගෙන ශල්යකර්මය කිරීමට සූදානමින් සිටියදී අවාසනාවන්ත ලෙස දරුවා මිය ගියා.

පුතාට රාගම රෝහලේදී ප්‍රතිකාර ගැනීමේ දි තවත් එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන දරුවන් දෙදෙනකු හඳුනා ගත්තා.

එම දරුවන්ට ඉන්දියාවේ දී අක්මා බද්ධ ශල්යකර්මය කිරීමට නියමිතව තිබුණ මගේ දරුවා මිය ගිය නිසා එම දරුවාට ශල්යකර්මය කිරීමට රුපියල් ලක්ෂ 80 වැයවෙන නිසා මගේ පුතා වෙනුවෙන් එකතු වූ මුදලින් රුපියල් ලක්ෂ 35ක් මුදලක් එම දරුවන්ගේ දෙමාපියන්ට මම ලබා දුන්නා.

මගේ එකම බලාපොරොත්තුව මගේ පුතාට සසරේදී කවරදාවත් මෙවැනි අකල් මරණවලට මුහුණ පෑමට සිදු නොවේවායි ප්රාර්ථනා කිරීමයි.”

Post a Comment

Post a Comment

    Powered by Blogger.