අවුරුදු 4 ක කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කළ 18 හැවිරිදි තරුණිය දැලේ
වයස අවුරුදු 4 ක කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කළ 18 හැවිරිදි තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලින්.
අදාළ තරුණිය කුඩා දරුවන් බලාගන්නා තැනැත්තියක් බවටයි වාර්තා වී ඇත්තේ.
මෙම තරුණිය විසින් අදාළ ළමයා අපයෝජනය කල බවට දරුවාගේ මව විසින් චෝදනා එල්ලකලද මුල් අවස්ථාවේ සැකකාර තරුණිය විසින් එය ප්‍රතික්ෂේප කළා.
නමුත් අධිකරණය විසින් සිදුකළ DNA පරීක්ෂාවේදී අදාළ තරුණියගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ සහ පියයුරු ආශ්‍රිතව තිබූ DNA සාම්පල මෙම කුඩා දරුවාගේ DNA සමඟ ගැලපීමත් සමඟ අදාළ සිදුවීම තහවුරු වී තිබෙනවා.
සාක්ෂි සනාථ වීමත් සමඟ තරුණිය විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
දරුවාගේ මව නිවසේ නොමැති අවස්ථාවේ මෙම තරුණිය නිවසේ තනිව සිටි කුඩා දරුවා සමඟ ලිංගිකව එක්වීමට උත්සහ කර තිබෙනවා.
එයට දරුවා විරුද්ධ වීමත් සමඟ එම තරුණිය බලහත්කාරයෙන් දරුවා අපයෝජනය කර ඇති බවටයි වාර්තා වන්නේ.
පසුව අදාළ කුඩා දරුවා විසින් තම මවට මේ පිළිබඳව දැනුම්දීමත් සමඟ මව විසින් තරුණියට විරුද්ධව පැමිණිලි කර තිබෙනවා.
අධිකරණය හමුවේ වරද පිළිගත් සැකකාර තරුණියට ඩොලර් හැත්තෑපන්දහසක දඩයක් නියම කර ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Post a Comment