Halloween party ideas 2015


පිටකොටුව ගුණසිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 4 ක් සහ එක් පිරිමි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

ගණිකා නිවාසය කළමනාකාරිණිය සහ ඔහුගේ සහායකද එහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

ඔවුන් 48, 33, 34, 29, යන වයස්වල පසුවන්නන් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම සැකකරුවන් සහ සැකකාරියන් නුවරඑළිය, උඩුදුම්බර, බොරැල්ල, පානදුර, හංවැල්ල යන ප්‍රදේශවල පදිංචි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ

Post a Comment

Powered by Blogger.