Halloween party ideas 2015


15ස් හැවිරිදි පාසල් සිසුවියක් වන සිය පෙම්වතියට ලිංගික අතවර කළ 18 හැවිරිදි පෙම්වතෙකු පිළිබද පුවතක් වාර්තා වනවා. ඒ මොනරාගල ප්‍රදේශයෙන්. කෙසේ වෙතත් අවුරුදු 15 මාස 2 ක්‌ වයසැති මෙම සිසුවිය කොළඹ නවාතැන්පොළකට කැඳවාගෙන ගොස්‌ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අවුරුදු 18 ක්‌ හැවිරිදි මෙම තරුණයා මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අතවරයට පත් මෙම දැරිය මොනරාගල නක්‌කල ප්‍රදේශයේ පදිංචිකාරියකි. අම්බන්තොට ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමඟ ඇය ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.පෙම්වතා හමුවීමට ඇය මොනරාගලට පැමිණි අවස්‌ථාවේදී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු වී කොළඹ පිහිටි තරුණයාගේ නවාතැන්පළට කැඳවාගෙන ගොස්‌ දූෂණය කර දින කිහිපයකට පසු නැවත නිවසට එවා ඇත.

සිද්ධිය පිළිබඳව මොනරාගල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Post a Comment

Post a Comment

    Powered by Blogger.