Halloween party ideas 2015



තමනට දුම්මලසුරිය පොලිසියෙන් සාධාරණයක් නොවන බව කියමින් පාසල් දැරියන් දෙදෙනෙකු අද (04 ) මාරවිල පොලිසිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වුනා.මෙලෙස සත්‍යග්‍රහයක නිරත වුනේ දුම්මලසුරිය පොලිස් වසමේ බිබිලදෙනිය ප්‍රදේශයේ පදිංචි දැරියන් දෙදෙනෙක්.එක දැරියක් 12 ශ්‍රේණියේ ඉගනුම ලබන අතර අනෙක් දැරිය 7 ශ්‍රේණියේ ඉගනුම ලබනවා.
සුදු නිල ඇදුමෙන් සැරසි පැමිණ සිටි මේ දැරියන් දෙදෙනාගේ කතාව ඇසු වැඩි දෙනෙකු දුම්මලසුරිය පොලිසියට දෝෂාරෝපණය කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.මේ දැරියන් දෙදෙනා සත්‍යග්‍රහය ආරම්භ කර පැය භාගයකට පසු පැමිණි මාරවිල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .ඩි. ආර්. ප්‍රියන්ත ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ දැරියන් දෙදෙනාගේ දුක්ගැනවිල්ලට ඇහුම්කන් දී පෙරේදා( 03 ) දහවල් සිට නිරාහාරව සිටි මේ දැරියන් දෙදෙනාට අහාර ලබා දී පොලිස් ආරක්ෂාව ලබා දුන්නා.
පැයකට පමණ පසු මේ දැරියන්ගේ ඉල්ලීම පරිදි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දැරියන් දෙදෙනා ඥාතීකුට භාර දීමට කටයුතු කළා.තමන් මේ සත්‍යග්‍රහය සිදුකලේ දුම්මලසුරිය පොලිසියෙන් හෝ කුලියාපිටිය පොලිස් කොට්ටශයේ කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් තමනට සාධාරණයක් නොවූ නිසා බව වැඩිමහල් දැරිය ඇඩු කදුලින් පැවැසුවා.
“මගේ ඕ-ලෙවල් ( සා පෙළ ) විභාගයට මාස දෙකකට පෙර තමයි මේ සිදුවීම මුලින්ම වුනේ .දුම්මලසුරිය පොලිසිය එදා රැ අපේ ගෙදර ඇවිල්ල මාවයි ,නංගිවයි , අම්මවයි පොලිසියට ගෙනිහිල්ල පැය පහක් පොලිසියේ තියා ගත්තා.”
“අපිව ගෙනියන්න කිසිම පොලිස් කාන්තා නිලධාරිනියක් ආවේ නැහැ............... ඉතිරිය පහතින්
Loading...
. පැය පහකට විතර පස්සේයි කොලඹ පරිවාස ළමා හා කාන්තා කාර්යාංශයේන් දුම්මලසුරිය පොලිසියට කතා කලේ . ඊට පස්සේ පොලිසිය බය වෙලා අපිව ගෙදරට ගෙනල්ල දැම්ම.”
“ඒ ආවම තමයි දැක්කේ අපේ පොත් පුච්චලා. ඇදුම් පුච්චලා තියනවා . පොලිසියත් ඒක දැක්කා. අපිව පොලිසියට අරන් යද්දී ගෙදර අදුරන්නැති පිරිමි හතරදෙනෙක් හිටිය. නැන්දා තමයි මේ අය ගෙනාවේ. ”
“මම දුම්මලසුරිය පොලිසියේ මේ ගැන පැමිණිලි කළා .නමුත් මේ දක්වා විභාගයක් කලේ නැහැ. එදා රැ දුම්මල්සුරිය පොලිසිය අපිව මහා පාරට ඇදලා දැම්මා . මම විභාගේ කලෙත් එක එක තැන්වල ඉදලා. එහෙම වෙලත් මම හොදට සමත් වුනා . ඒ පහක් ගත්තා . මට ඒ නවයක් ගන්න තිබුන. මේ කරදර නොවුනා නම් .”
‘එදා ඉදල තාත්තවයි අම්මවයි විසි තිස් පාරක් උසාවි ගෙනිච්චා . හැම වෙලාවෙම ඒ අය නිදහස් වුනා . මේ වැඩේට නීතිඥකුත් සම්බන්ධයි . ගිය මාසේ ඒ නීතිඥයා මැරයෝ කට්ටියකුත් එක්ක ඇවිල්ල අපි දැන් ඉන්න ගෙදර බඩු ඔක්කොම පාරට ඇදලා දැම්ම.”” එදා මාධ්‍යවේදීන් හිටපු නිසා අපිව ගෙදරින් එලියට දාන්න බැරි වුනා . එදා ඒ මැරයෝ මාව වීඩියෝ කළා . මම බය වුනා .පස්සේ මට අසනීප වෙලා කුලියාපිටිය රෝහලටත් ඇතුලත් කලා .මේකට පැමිණිල්ලක් දාන්න ගියාමත් පොලිසිය පැමිණිල්ල භාර ගත්තේ නැහැ .”
“දුම්මලසුරිය පොලිසිය කටයුතු කරන්නේ සල්ලි වලට .අපිට දෙන්න සල්ලි නැහැ .””පෙරේදත් තාත්තට පොලිසියට එන්න කියල, කියල තියනවා අපි හතර දෙනාවම අත්අඩංගුවට අරන් උසාවි දානවා කියල .ඒ නිසයි අපි ඊයේ රැ කැලේ හැංගිලා ඉදල අද මේක කලේ .අපි මාරවිලට ඇවිල්ල මේක කලේ කුලියාපිටියේ කලොත් අපිව අත්අඩංගුවට ගන්න නිසයි .””අපි දෙන්න වගකිවයුත්තන්ගෙන් ඉල්න්නේ ශ්‍රී ලංකා පොලිසියෙන් මේ පරීක්ෂණය නොකර හමුදාවට හරි වෙනත් ස්වෙඡ්චා සංවිධානයකට හරි මානව හිමිකම් ආයතනයකට හරි මේ පරීක්ෂණය කරන්න කියලයි .මොකද දුම්මලසුරියේ පොලිස් ස්ථානාධිපතිවරයා වගේම තවත් ඉහල පොලිස් නිලධාරියෙකුත් නිතිය සාධාරණව කරන්න දෙන්නේ නැහැ .”
“අපි ජනාධිපතිතුමන්ගෙන් ද ඉල්ලනවා පුළුවන් නම් මේ ගැන හොයා බලන්න කියල.හැබැයි මේ ප්‍රශ්නෙදි පොලිසිය කියන එක විතරක් අහන්න එපා .මොකද පොලිසිය තනිකරම කියන්නේ බොරු ඉහල ඉදල පහලටම මේ තත්වය තමයි තියෙන්නේ .”
උපුටා ගැනීම hirunews

Post a Comment

Post a Comment

    Powered by Blogger.