ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමුණුගමදී දියේ ගිලී මරුට
පමුණුගම ප්‍රදේශයේදී ඉන්දීය ජාතික ක්‍රීඩකයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබේ. ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම සඳහා 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර ඔවුන් පමුණුගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර අදාළ හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් ඇති එක් අයෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව සඳහන් වෙයි.
අවුරුදු 12ක් වන ඉන්දියාවේ ගුජරාටයේ පදිංචි ක්‍රීඩකයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත
.
ඊයේ (05දා) සවස අනතුර සිදුව තිබෙන අතර අද (06දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
Post a Comment