Halloween party ideas 2015


අතුල අමායා ගැන පසුගිය දවස් ටිකේම විවිධ පුවත් හුවමාරු වුණා. අතුල සහ සමිතාගේ දියණිය වන කාවින්ද්‍යා ගැනත් වෙනස්ම කතාවක් දැන් කරළියට ඇවිත්. ඒ තමයි නුවන් ගුණවර්ධනගේ පුතා සහ කාවින්ද්‍යා අතර ඇති සම්බන්ධයක් ගැන. මේ ගැන කාවින්ද්‍යා අධිකාරී පුවත්පතකට මේ විදිහට අදහස් දක්වා තිබුණා.

නිළියක් වෙන්නේ නැහැ කියපු ඔබ දැන් රඟපාන්න පටන් අරගෙන. මොකද එකපාරටම තීරණේ වෙනස් කළේ. ?
ඇත්තම කියනවා නම් මට මීට කලින් ටෙලි නාට්‍ය වලට, චිත්‍රපටවලට ආරාධනා කිහිපයක්ම ලැබුණා.
ඒ හැම ආරාධනාවක්ම මම ප්‍රතික්‍ෂේප කළේ රඟපාන්න තිබුණු අකමැත්ත හින්දා.
ඒත් මේක ජයන්ත චන්ද්‍රසිරිගේ “ධර සර්ප” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්. ඒ වගේ දැවැන්ත නිර්මාණකරුවෙක් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මාව තෝරා ගත්තා කිව්වාම මට පුදුමත් හිතුණා. අම්මත් කිව්වා එක භාරගන්න කියලා. සමහර විට මේ මගේ පළමු චිත්‍රපටය වගේම අවසන් චිත්‍රපටයත් වෙන්න පුළුවන්.


ධර සර්ප චිත්‍රපටයේ ඔබ මොනවගේ භූමිකාවක්ද නිරූපණය කරන්නේ?
මම එහි රඟපාන්නේ විද්‍යා කියලා ද්‍රවිඩ ජාතික යුවතියකගේ චරිතයක්. මගේ පෙම්වතා විදියට රඟපාන්නේ දෙවුනක ‍පෝරගේ.
එයත් ළමා චරිත රඟපාලා පළමු වරට වැඩිහිටි චරිතයක් රඟපාන්නේ. ඒ වගේම ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, කුසුම් රේණු, සංගීතා වීරරත්න වැනි ප්‍රධාන රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙහි රඟපානවා.


කවින්ද්‍යා මේ රංගනයට යොමු වුණෙත් අම්මාගෙ අවසරයෙන් බව කිව්වා. ඔබ කරන කියන හැමදේටම අම්මගේ දැඩි බලපෑම තදින්ම තියෙනවා නේද?
ඒකේ කිසි වරදක් නැහැනේ. පුංචි කා‍ලේ ඉඳන් මාවයි මල්ලිවයි බලාගත්තේ අම්මා.
අම්මගෙන් අහලා තමයි මම කරන හැමදේම කරන්නේ. මමයි මල්ලියි පිටුපස නිතරම අම්මා ඉන්නවා.


කාවින්ද්‍යා ජනප්‍රිය යොවුන් ගායක ගයාන් ගුණවර්ධන (නුවන් ගුණවර්ධනගේ පුතා) සමග ප්‍රේම සම්බන්ධතාවක් පවතින බවට රාවයක් පැතිර යනවා.
එය සත්‍යයක්ද නැත්නම් කට කතාවක්ද?
(හිනැහීි) අපි ඊළඟ ප්‍රශ්නෙට යමුු නේද?


පුංචි කා‍ලේ ඉඳන් අම්මගේ බලපෑම තිබුණු ඔබේ ජීවිතේ තීන්දු තීරණ ගනිද්දී තාත්තාගෙන් අහන් නැද්ද?
අපි ඕනෑම කෙනෙක් ජීවිතේ ගැන තීන්දු තීරණ ගනිද්දී අහන්නේ ළඟ ඉන්න කෙනාගෙන්. අම්මගෙන් ආදරය රැකවරණය උපරිමයෙන් ලැබෙනවා නම් තවත් කාගෙන්වත් ඒ දේවල් බලා‍පොරොත්තු වෙන්න අවශ්‍ය නැහැනේ.


ඔබේ පියා අතුල අධිකාරි හා අමායාගේ මංගල ඡායාරූප පසුගිය දිනවල අන්තර්ජලය කළඹන පුවතක් වුණා. ඒ ගැන කාවින්ද්‍යාගේ අදහස මොකක්ද?
(හිනැහී) අපි ඊළඟ ප්‍රශ්නෙට යමු


අතුල සමිතා විවාහය කලකට ඉහත දෙදරා ගියත් මාධ්‍ය තුළින් අපි දැක්කේ ඔබ, ඔබේ පියා (අතුල) සමග සමීප ඇසුරක් පවත්වන බවයි. ඒක බොරු රඟපෑමක්ද?
අම්මා, මටයි, මල්ලිටයි, පුංචි කා‍ලේ ඉඳලම පුරුදු කරල තියෙන්නේ කාටවත් වෛර කරන්න එපා කියලයි.
උත්සවයකදී හරි කොහෙදි හරි තාත්තා මුණගැහුණොත් දැනටත් මම තාත්තාට කතා කරනවා.









Post a Comment

Post a Comment

    Powered by Blogger.